27 April 2024
#දේශීය

අධික වැස්ස නිසා මාතලේ ගල් වලක් නාය යයි

මාතලේ ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් 09දා පස්වරුවේ මාතලේ වටගොඩ මාර්ගයේ පිහිටා ඇති ගල් වලක් නාය යැම නිසා ගල් පෙරලිමෙන් මාර්ගය අවහිර වි ඇති බව පොලිසිය පවසයි.

මාර්ගයට ගල් පෙරලිම නිසා සම්පුර්ණයෙන් මාර්ගය වැසි තිබු අතර මේ පිළිබදව අවධානය යොමු කළ මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති/පාර්ලිමෙන්තු මන්ත්‍රි නාලක බණ්ඩාර කොට්ටේගොඩ මහතා මාර්ගය පිළිසකර කිරිම සදහා අදාළ අංශවලට උපදෙස් දුන්නේය.

ඒ අනුව අපාදා කළමණාකරණ මධ්‍යස්ථානය,ප්‍රාදේශිය ලේකම් කාර්යාලය,පොලිසිය ප්‍රද්ශවාසින් එක්ව මෙම පිළිසකර කිරිම් කටයුතු සිදු කළේය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *