27 April 2024
#දේශීය

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් නාවික හමුදාවෙන් වැඩසටහනක් රැසක්

ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාන්තා නිලධාරීන් සහ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ කාන්තා නාවිකයින්ගේ දායකත්වයෙන් ‘Naval Angels’ Eve’ නම් විශේෂ සංගීතමය වැඩසටහනක් ඊයේ (15) දින පැවැත්විණි.

ඒ්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙවර ජාත්‍යන්තර දින තේමාව “ස්ත්‍රී පුරුෂ භාවයේ සමානාත්මතාවය ඔස්සේ වඩාත් තිරසාර හෙට දිනක්” (Gender equality today for sustainable tomorrow) වශයෙන් නම් කර ඇත.

ලොව පුරා විවිධ කාල වකවානුවන්හිදී ඇති වූ සෑම යුදමය අවස්ථාවකදීම කාන්තාව ඒ සඳහා සිය දායකත්වය උපරිම කැපවීමෙන් ලබා දී ඇති බවට ඉතිහාසය සාක්‍ෂි දරයි. එමෙන්ම දශක තුනකට ආසන්න කාලයක් මෙරට වෙලා පැවති ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ මානුෂීය මෙහෙවරේ විවිධ වකවානුවන්හිදී කාන්තා නිලධාරීන් සහ කාන්තා නාවිකයන් ඉතාමත් එඩිතරව සහ අධිෂ්ඨානශීලීව තම වගකීම මැනවින් ඉටුකරන ලද අතර, කාන්තාවක් ලෙස ඇයට හිමි සමාජීය වගකීම ඉටු කරමින් නාවික හමුදාවේ රාජකාරීන් නොපිරිහෙලා ඉටු කිරීමට උපරිම කැපවීමෙන් කටයුතු කරනු ලබයි. එලෙස සමාජීය සහ රාජකාරිමය වගකීම සමබරව ඉටු කරනු ලබන ගෞරවනීය සහ අභිමානවත් සිඳුලියන්ගේ සැඟවුනු කලා කුසලතාවයන් මෙම වි‍ශේෂ සංගීත වැඩසටහන මඟින් එළි දැක්වීමට අවස්ථාව උදා කර දෙන ලදී.

කාන්තා නිලධාරීන් සහ කාන්තා නාවිකයින්ගේ ගායන හා නර්ථන විශේෂාංගයන්ගෙන් විචිත්‍රවත්වූ මෙම සංගීත වැඩසටහනට සමඟාමීව පවත්වන ලද අත්කම් නිර්මාණ, මැහුම් ගෙතුම් සහ සිතුවම් දැක්ම මඟින් ඔවුන්ගේ නිර්මාණශීලී කුසළතාවයන් තවදුරටත් ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව උදාවිය.

තවද, ජාත්‍යන්තර කාන්තා දිනය උත්කර්ෂවත් ලෙස සැමරීම වෙනුවෙන් සංවිධානය කළ මෙම විශේෂ සංගීතමය වැඩසටහන සහ නිර්මාණ ප්‍රදර්ශනය ඉතා උසස් අයුරින් සංවිධානය කිරීම සම්බන්ධයෙන් නාවික හමුදාධිපති සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය විසින් වැඩසටහනේ සංවිධායක මණ්ඩලය ඇතුළු කාන්තා නිලධාරීන් සහ කාන්තා නාවිකයින් වෙත සිය ප්‍රශංසාව පිරිනැමීමට ද මෙහිදී කටයුතු කෙ‍රිණි.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සංවිධානය කරන ලද මෙම කාන්තා දින සැමරුම් වැඩසටහන සඳහා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් උපුල් ද සිල්වා, නාවික හමුදා ‍අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන්, ධජ නිලධාරීන්, නාවික හමුදා මූලස්තානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ කාන්තා නිලධාරීන් සහ කාන්තා නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.

 

 

 

Navy marks International Women’s Day

 

The lady officers and women sailors of the Sri Lanka Navy organized a special musical event – ‘Naval Angels’ Eve’, to mark the International Women’s Day which fell on 08th March. The colourful event, held at the Admiral Somathilake Dissanayake Auditorium in the Navy Headquarters on 15th March 2022, was graced by Commander of the Navy, Vice Admiral Nishantha Ulugetenne and President of Navy Seva Vanitha Unit, Mrs Chandima Ulugetenne.

 

“Gender equality today for a sustainable tomorrow” is the United Nations’ theme for International Women’s Day for 2022. History bears testament to the fact that women across the world have played a pivotal role during wars at different times. During Sri Lanka’s humanitarian efforts in eradicating terrorism that plagued the country for nearly three decades, lady officers and women sailors carried out their responsibilities with great courage and determination while fulfilling their social responsibility as a woman. This special musical show unveiled the hidden artistic talents of the naval women who deserve recognition for striking a good balance between their personal and naval career.

 

Meanwhile, the lady officers and women sailors also found the opportunity to showcase their creative talents through handicraft, knitting and paintings, exhibited on the sidelines of the event.

 

Further, Commander of the Navy and President of Navy Seva Vanitha Unit, heaped praise on the Organizing Committee, lady officers and women sailors for successful organization of the event, marking the International Women’s Day.

 

The proceedings of the event were organized adhering to COVID-19 protocols. Chief of Staff of the Navy, Rear Admiral YN Jayarathne, Deputy Chief of Staff and Commander Western Naval Area, Rear Admiral Upul De Silva, Director Generals, Executive Committee Members of Navy Seva Vanitha Unit, flag rank officers, officers, lady officers and women sailors were also present on this occasion.

Leave a comment

Your email address will not be published. Required fields are marked *