27 April 2024
#දේශීය

වගා ඉඩමක සිටි මුරකරුවෙකු මරුට

ආණමඩුව, කොන්වලකන්ද ප්‍රදේශයේ වගාඉඩමක් තුළ පුද්ගලයෙකු වැටී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

ආණමඩුව පොලිසියට ළද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර ඇති අතර මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 54 ක් වන වතුපොල, පල්ලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මිය ගිය පුද්ගලයා කොන්වලකන්ද ප්‍රදේශයේ වගා ඉඩමක මුරකරු ලෙස කටයුතු කර ඇති අතර අදාළ ඉඩමේ හිමිකරු විසින් 29 වනදා පස්වරුවේ ඉඩමට පැමිණි අවස්ථාවේදී මුරකුටිය තුල මෙම පුද්ගලයා මිය ගොස් සිටියදී හමු වී තිබේ.

මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ සිද්ධිය වු ස්ථානයේ ඇති අතර මෘත ශරීරය සම්බන්ධ මහේස්ත්‍රාත් පරික්ෂණය සිදු කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් ආණමඩුව පොලිසිය විසින් විමර්ශන සිදු කරනු ලබයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *