27 April 2024
#දේශීය

ජවිපෙන් රට පුරා උද්ඝෝෂණ මාලාවක්

අසාධාරණ ලෙස ඉහල දැමූ ඉන්ධන මිල පහත හෙළනු. බඩු මිල අඩු කරනු ජනතා විමුක්ති පෙරමුණ විසින් රට පුරා උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

එය හෙට (23) සහ 24 දින රට පුරා ප්‍රධාන නගර ආවරණ්‍ය වන ලෙස පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඉහළ නැංවූ තෙල් මිල පහළ දමා වහා ජනතාවට සහන සලසනු! අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වහා අඩු කරනු ! යන තේමාව යටතේ මෙම උද්ඝෝෂණ මාලාව සංවිධානය කර තිබේ.

23 වනදා පවත්වනු ලබන උද්ඝෝෂණ ස්ථාන වන්නේ කොළඹ, මහරගම, ගම්පහ, කිරිබත්ගොඩ, රත්නපුර, කෑගල්ල, මොනරාගල, සෙවනගල ඩන්ඩුම හංදිය ,මාතලේ ,දඹුල්ල නගරය විල්ගමුව, නුවරඑළිය, අනුරාධපුර, ගිනිගත්හේන.

24 වනදා උද්ඝෝෂණ පවත්වනු ලබන ස්ථාන වන්නේ “කළුතර, ගාල්ල, මාතර, බදුල්ල, කුරුණෑගල, පුත්තලම, රිකිල්ලගස්කඩ, පුණ්ඩලුඔය, පොළොන්නරුව, ත්‍රිකුණාමළය යන ස්ථාන වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *