27 April 2024
#Uncategorised

උ.පෙළ ශිෂ්‍යයන්ගේ සාධන මට්ටම ඉහළ නංවාලීම සඳහා සම්මන්ත්‍රණ මාලාවක්

2022 වර්ෂයේ අ.පො.ස.(උ.පෙළ) විභාගයට පෙනී සිටිමට නියමිත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ විෂය සාධන මට්ටම ඉහළ නංවාලීම අරමුණු කර ගනිමින් සිසුන් සඳහා උපකාරක සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට කටයුතු කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

විද්‍යා, වාණිජ, තාක්ෂණ, කලා යන විෂය ධාරා සියල්ල ආවරණය වන පරිදි දිවයිනේ රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හි කථිකාචාර්යවරුන්ගේ සම්පත් දායකත්වයෙන් දිවයින පුරා මෙම සම්මන්ත්‍රණ මාලාව පැවැත්වේ.

මීට සමගාමිව විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් සම්බන්ධ කර ගනිමින් අ.පො.ස. (උ.පෙළ) ගුරුවරුන්ගේ ධාරිතා සංවර්ධන වැඩසටහනක් ද පැවැත්වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *