27 April 2024
#දේශීය

ජිනිවා ප්‍රතිපත්තිය වෙනස් කරනු ඇති බව විශ්වාස කරනවා – මන්ත්‍රී සංජීව එදිරිමාන්න

ජාතික දුෂ්කරතාවයක් පවතින මොහොතකදී විපක්ෂය තමන්ගේ ජිනිවා ප්‍රතිපත්තිය වෙනස් කරගනු ඇතැයි රට විශ්වාස කරනු ලබන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා, “මේ අවස්ථාවේ රට හමුවේ ප්‍රධාන මාතෘකාවක් වන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය හා සම්බන්ධ ශ්‍රී ලංකාවට අදාළ සාකච්ඡාවයි. එල්ටීටී ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව ජිනිවා අභියෝගයට මුහුණ දෙමින් සිටිනවා. දිර්ඝකාලයක් මහින්ද රාජපක්ෂ ගරු හිටපු ජනාධිපතිතුමන්ගේ පාලන සමය තුළ අපි මේ ජාත්‍යන්තර අභියෝගවලට මුහුණ දුන්නා. ඒ වගේම යහපාලන සමයේ කිසියම් ආකාරයක වෙනස් ප්‍රතිපත්තිමය එකඟතාවයක් මත ජිනිවා මානව හිමිකම් කවුන්සිලය සමඟ ගණුදෙනු කළා. එහි තවත් අදියරක් විදිහටයි අපි මේ අවස්ථාවට මුහුණ දෙන්නේ. අපි කාටත් අමතක කරන්න බෑ ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේ වාර්ෂික සැසිවාරයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මාතෘකාවක්, සාකච්ඡාවක් විදිහට චෝදනාවක් හෝ යෝජනාවක් විදිහට ඉදිරිපත් වන්නේ, 30 අවුරුද්දක තිබුණු ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය අනුගමනය කළ මෙහෙයුම් ක්‍රියාවලිය සම්න්ධවයි. එහෙත් ලංකාව රටක් විදිට ජාත්‍යන්තර වේදීකාවක අභියෝගයකට මුහුණ දුන්න හැම අවස්ථාවකම ලංකාවේ සිටින විවිධ දේශපාලන කණ්ඩායම් තමන්ගේ රටට එරෙහිව ගතු කියන්න ජිනිවා නගරයට යන තත්වයක් දිගින් දිගටම දැක්කා. හැබැයි අපි හිතුවා මෙවැනි ජාතික දුෂ්කරතාවක් පවතින මොහොතකදීවත් විපක්ෂය තමන්ගේ ජිනිවා ප්‍රතිපත්තිය වෙනස් කර ගනියි කියලා. අපි රටක් විදිහට කණගාටු වෙනවා. මෙවැනි දුෂ්කර මොහතකදීවත් ජිනිවා සැසිවාරයට යන විපක්ෂයේ නියෝජිතයන් මේ දුෂ්කර මොහොත කළමණාකරණය වෙනුවෙන් ජාත්‍යන්තරයෙන් සහයෝගය ඉල්ලනවා අපි දැක්කේ නෑ. අපි පක්ෂයක් විදිහට අවධාරණයෙන්, ආදරයෙන් කියන්නේ රට ඇතුළේ අපි මැතිවරණ සමයේ දේශපාලනය කරමු. මෙවැනි දුෂ්කර මොහොතක ජත්‍යන්තර වේදිකාවක කතා කරන්න ලැබෙන අවස්ථාවක තමන්ගේ රටේ අහිංසක ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව කතා කරන්නවත් අවංක නොවන්නේ මන්ද? කියලා ප්‍රශ්නය අපි දේශපාලන වශයෙන් අහනවා. එය තවදුරටත් ඛේදවාචකයක් වන්නේ ලංකාවේ ගමක් ගමක් ගානේ වේදිකා හදාගෙන ගිහිල්ලා මහජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් කිඹුල් කඳුළු හෙළන මේ රටේ විපක්ෂ දේශපාලන කණ්ඩායම් ජිනිවා නගරයට ගිහිල්ලා ඊට අදාළ ජාත්‍යන්තර සහයක් ලබා ගන්නේ නෑ. මේ අවස්ථාවේ ලොකු මාතෘකාවක් වෙනවා රාජ්‍ය අමාත්‍යධුර සංඛ්‍යාව සම්බන්ධව. මගේ යෝජනාව තමයි යම් රටක කැබිනට් මණ්ඩලය ඒ රටට බරක්ද කියලා මනින්න වෙන්නේ කැබිනට් මණ්ඩලයේ සංඛ්‍යාවෙන් නොවේ. ඒ පත් කළ අය තමන්ගේ වගකීම ඉටුකිරීමේ ස්වභාවය මත තමයි ඒ අය රටට බරක්ද? නැත්නම් රටට සේවයක් ද කියලා අපිට මැනගන්න ලැබෙන්නේ. මතුපිටින් බැලුවාම හරි සාධාරණයි වගේ පෙනෙන මේ දේශපාලන සමීකරණය වෙනස් කරලා මම යෝජනා කරනවා මේ රටේ රටවැසියාට වගකීම් දරණ අය රටට බරක් ද කියන එක තීන්දු කරමු ඉලක්කමෙන් නොවේ ඒ අය කරන කියන දේ තුළින්.”යනුවෙන් මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා මෙහිදි සඳහන් කළේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *