27 April 2024
#සංවර්ධන

පාසල් තුළ කොරියන් භාෂාව ඉගැන්වීමට ගුරුවරුන්ට විශේෂ මාර්ගගත අධ්‍යාපන පාඨමාලාවක්

කොරියන් භාෂාව මෙරට පාසල් පද්ධතිය තුළ ප්‍රචලිත කිරීම ඉලක්ක කරගනිමින් ජාතික අධ්‍යාපන ආයතනය විසින් ශ්‍රී ලංකාවේ පාසල්වල සිටින කොරියානු භාෂා ගුරුවරුන් සඳහා විශේෂ මාර්ගගත අධ්‍යාපන පාඨමාලාවක් සකස් කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

කොරියානු භාෂා පාඨමාලාව ලෙස හඳුන්වා දි ඇති මෙහි දෙවන කණ්ඩායම වෙත සහතික පත් ප්‍රදානය පසුගිය ජුලි 30 වනදා කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ දී පැවැත්විණි.

කොරියානු තානාපති කාර්යාලය සහ ජාතික අධ්‍යාපන ආයතනයේ සම්භාව්‍ය භාෂා හා විදේශ භාෂා අංශයේ සහයෝගීතාවයෙන් මාර්ගගත ක්‍රමය යටතේ මෙම පාඨමාලාව පවත්වන ලද අතර, මෙවර පාඨමාලාලාභීන් 72 දෙනෙකු සඳහා පාඨමාලාව පවත්වනු ලැබිණි.

අධ්‍යාපනය සඳහා විසිඑක්වන සියවසේ කුසලතා ඒකාබද්ධ කිරීම සිය දැක්ම කරගත් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මැතිතුමාගේ මගපෙන්වීම මත පැවැත්වූ මෙම වැඩසටහන ජාතික අධ්‍යාපන ආයතනය මෙන්ම ශ්‍රී ලංකාවේ කොරියානු භාෂාව උගන්වන ගුරුවරුන් විසින් ද ලැබූ අතිමහත් ජයග්‍රහණයකි.

මේ අවස්ථාවට කොරියානු තානාපති ජෝන් වූන් ජීන් (Joeng Woon Jin) , අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත්,ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මැතිතුමන්ලා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *