• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අස්වැසුමලාභීන් 14,000ක් සවිබලගැන්වීම සඳහා විශේෂ වැඩසටහනක් – රාජ්‍ය අමාත්‍ය අනුප

20 March 2024
in දේශීය, පුවත්
දිළිඳු සහ අන්ත දිළිඳු පවුල් අතරින් ලක්ෂ 12ක් සවිබල ගැන්වීමට අපේක්ෂා කරනවා – රාජ්‍ය අමාත්‍ය අනුප

කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සමඟ එක්ව අස්වැසුමලාභීන් 14,000ක් සවිබලගැන්වීම සඳහා වන විශේෂ වැඩසටහනක් ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පවසයි.

පශු සම්පත් අමාත්‍යාංශය හරහා කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික් කේන්ද්‍ර කරගනිමින් ගම් කුකුළු ගොවිපොළ ව්‍යාපෘති 10,000ක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (20) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා ” ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟ පෙන්වීම ඔස්සේ ක්‍රියාත්මක වන “අස්වැසුම වැඩසටහන” සඳහා සමෘද්ධිය සහනාධාරය සඳහා වෙන් කළ මුදල මෙන් තුන් ගුණයක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. සමෘද්ධිය සඳහා වෙන් කර තිබුණේ රුපියල් බිලියන 60ක් වුවත් අස්වඇසුම සඳහා රුපියල් බිලියන 180ක් වෙන් කර තිබෙනවා. පසුගිය සමයේ සිදුවූ ආර්ථික අර්බුදයෙන් වැඩි වශයෙන්ම දුෂ්කරතාවට ලක්වූ ජනතාව වෙත එම සහනාධාර ලබා දීම සිදු වනවා. ඒ වගේම ආර්ථික දුෂ්කරතාවයෙන් පෙළෙන ජනතාව තව දුරටත් සවිබලගැන්වීම සඳහා ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ මහා භාණ්ඩාගාරය එක්ව මූල්‍ය ප්‍රතිපාදන ලබා දී තිබෙනවා. ඒ යටතේ සියළුම ග්‍රාම සේවා වසම් ආවරණය වන ආකාරයට එක් ග්‍රාමසේවා වසමකින් 07 දෙනෙකු බැගින් තෝරාගෙන NAITA (National Apprentice and Industrial Training Authority) සහ වෘත්තීය පුහුණු අධිකාරිය (Vocational Training Authority) ඒකාබද්ධව වෘත්තීය පුහුණුව ලබාදීමේ වැඩසටහනක් ද ආරම්භ කර තිබෙනවා. එහිදී සාර්ථක ලෙස පුහුණුව නිම කරන පිරිසට පිළිගත් වෘත්තීය පුහුණු සහතිකයක් ලබා දෙනවා. එමෙන්ම කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සමඟ එක්ව අස්වැසුමලාභීන් 14,000ක් සවිබලගැන්වීම සඳහා වන විශේෂ වැඩසටහනක් ඉදිරියේ දී ක්‍රියාත්මක කරනවා. එහිදී තේ හෙක්ටයාර 2000ක් වගා කිරීමට නියමිතයි. තවද ධීවර කර්මාන්තය සඳහා විශේෂ ණය සහන ක්‍රමවේදයක් ආරම්භ කර තිබෙනවා. ඒ යටතේ ධීවර අමාත්‍යංශය, ප්‍රජාමූල සංවිධාන සහ සමෘද්ධි බැංකු සමඟ එක්ව කරදිය – මිරිදිය ධීවර පවුල් සවිබලගැන්වීම සඳහා අවශ්‍ය සහන ණය ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කරනවා. එසේම මුහුදු කූඩැල්ලන් නිෂ්පාදනය සඳහා පවුල් 400ක් වෙනුවෙන් සහන ණයක් ලබාදීම ද සිදු කෙරෙනවා. ධීවර බෝට්ටු ඇතුළු ධීවර කර්මාන්තය සඳහා අවශ්‍ය අනෙකුත් ආම්පන්න සැපයීම ද මෙම වැඩසටහනේ තවත් අරමුණක් වනවා. තවද තල්, කිතුල් සහ පොල් වැනි බෝග සඳහා ප්‍රමිතිගත “රා බලපත්‍ර” ලබාදීමට ද කටයුතු කරනවා. කෘතීම නිෂ්පාදන වෙනුවට, ස්වාභාවික මධ්‍යසාර නිපදවා දෙස් විදෙස් අළෙවිය සඳහා මුදා හැරීමට කටයුතු කරනවා. එමෙන්ම පශු සම්පත් අමාත්‍යාංශය හරහා කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් ගම් කුකුළු ගොවිපොල ව්‍යාපෘති 10,000ක් ආරම්භ කිරීමට ද බලාපොරොත්තු වනවා. මෙහිදී අපගේ අපේක්ෂාව වී තිබෙන්නේ නිෂ්පාදන ආර්ථිකය සවිමත් කිරීමට දායකත්වය සැපයීමයි. ඒ වගේම චීනයේ චොංචිං ප්‍රාන්තයේ වෘත්තීය පුහුණු ආයතන 33ක් සමඟ ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට අප අමාත්‍යාංශය කටයුතු කළා. ඒ හරහා චීනයේ සහාය ඇතිව අපගේ වෘත්තිකයින් ලක්ෂයකට පුහුණුව ලබාදීමට නියමිතයි. මෙම වසර තුළ දී මේ අකාරයට ලක්ෂ 03ක ප්‍රජාවක් සවිබලගැන්වීම අපගේ බලාපොරොත්තුව යැයි රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පැවසිය.

Post Views: 11,284
Previous Post

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින් 60 දෙනෙකු සඳහා රන් සම්මාන පිරිනමයි

Next Post

පුරවර සරසවි මිතුරෝ දුන්හිද ඇල්ල ප්‍රවේශ මාර්ගය පිරිසිදු කරති

editor ttvnews

editor ttvnews

Next Post
පුරවර සරසවි මිතුරෝ දුන්හිද ඇල්ල ප්‍රවේශ මාර්ගය පිරිසිදු කරති

පුරවර සරසවි මිතුරෝ දුන්හිද ඇල්ල ප්‍රවේශ මාර්ගය පිරිසිදු කරති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved