27 April 2024
#දේශීය #පුවත්

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින් 60 දෙනෙකු සඳහා රන් සම්මාන පිරිනමයි

ජාතික සෞඛ්‍ය සේවාවට සුවිශාල දායකත්වයක් දක්වමින් සංචාරක ක්ෂේත්‍රය තුළින් දේශීය ආර්ථිකය සවිමත් කිරීමට දායක වූ ව්‍යවසායකයින් ඇතුළු අධ්‍යාපන, ප්‍රතිකාර, ඖෂධ, නිෂ්පාදන, සේවා යන අංශයන් නියෝජනය කරමින් එම ක්ෂේත්‍රයේ විශිෂ්ටතමයින් 60 දෙනෙකු සඳහා සම්මාන ප්‍රදානය කිරීම ඊයේ (19) සිදුකෙරිණ.

ඒ්, දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන් ඇඟයීමේ “Golden Inmediens – 2023” ව්‍යවසායකත්ව රන් සම්මාන උළෙල අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි ඇතුළු මැති ඇමතිතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හි දීය.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මැතිතුමන්ගේ සංකල්පයකට අනුව දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින් ඇඟයීම, නිෂ්පාදන දේශීය හා විදේශීය වශයෙන් ප්‍රවර්ධනය කිරීම මූලික කරගනිමින් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව යන ආයතනයන් හී මඟ පෙන්වීම මත ශ්‍රී ලංකා ආයුර්වේද ප්‍රවර්ධන පෞද්ගලික සමාගම විසින් මෙම ව්‍යවසායකත්ව සම්මාන උළෙල සංවිධානය කර තිබිණ.

එම අවස්ථාවට අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, ප්‍රසන්න රණතුංග, නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍යවරුන් වන සීතා අරඹේපොල, ටී.බී හේරත්, ජානක වක්කුඹුර, දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන චන්දන තිලකරත්න, ශම්මි දෙනාවත්ත, යන මහත්ම මහත්මීන් ද ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධම්මික අබේගුණවර්ධන, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති අනුර ඇතුලත්මුදලි යන මහත්ම මහත්මීන් ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ ආයුර්වේද ක්ෂේත්‍රයෙහි ව්‍යවසායකයින් විශාල පිරිසක් සහභාගී වී සිටියහ

Leave a comment

Your email address will not be published. Required fields are marked *