27 April 2024
#දේශීය #පුවත්

පාස්කු දිනයට කිතුණු දේවස්ථානවලට විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක්

පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් කිතුණු දේවස්ථානයන්හි පැවැත්වෙන දේව මෙහෙයන්/උත්සවයන් වෙනුවෙන් එම දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කෙරේ.

එළැඹෙන 29 දින සහ 31 දින ප්‍රජා පොලිස් කමිටු මෙන්ම අදාල දේවස්ථානවල පියතුමන්ලා හා සංවිධායකවරුන් සමග ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පතිවරයා විසින් සියළුම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වෙත උපදෙස් ලබාදී ඇත.

එමෙන්ම 26 සහ 27 යන දෙදින තුල දිවයිනේ සියළුම මු.පො.ප/ ස්ථානාධිපතිවරුන් තම පොලිස් වසමට අයත් සියළු කතෝලික/ ක්‍රිස්තියානි හා වෙනත් දේවස්ථාන වෙත පුද්ගලිකව ගොස් ඒවායේ පියතුමන්ලා සහ එම දේවස්ථානවල පරිපාලන සාමාජිකයින් හමුවි 29 දින සිට 31 දින දක්වා කාලසීමාව තුල මෙම විශේෂ ආරක්ෂක සැලැස්ම සකස්කර ක්‍රියාත්මක කරන ලෙසට උපදෙස් ලබාදී ඇත.

එසේම, 26 සහ 27 යන දෙදින තුල පොලිස් ස්ථාන අධික්ෂණය කරන දිස්ත්‍රික්භාර නිලධාරින්ද තම දිස්ත්‍රික්කයට අයත් සෑම පොලිස් වසමකම පිහිටි බැතිමතුන් වැඩි වශයෙන් පැමිණෙන දේවස්ථාන තෝරාගෙන ඒවා වෙත ගොස් ඉහත පරිදි පාස්කු උත්සවය වෙනුවෙන් සිදුකරන දේවමෙහෙයන්ට අදාල ආරක්ෂක කටයුතු පිලිබදව පුද්ගලිකවම සොයා බලන ලෙසටත් එමගින් උපදෙස් ලබාදී ඇත.

මෙම ආරක්ෂක සැලැස්ම යටතේ දේව මෙහෙයන් ආරම්භ කිරිමට ප්‍රථම එම පරිශ්‍රයන් බැතිමතුන්ට හිරිහැරයක් නොවන පරිදි යම් පරික්ෂාවකට ලක් කිරිම, දේව මෙහෙයන් සදහා පැමිණෙන පුද්ගලයින් හා ගමන් මළු පරික්ෂාවකට ලක්කොට දේවස්ථානයට ඇතුල් කිරිම අවශ්‍ය බව හැගේනම් පියතුමන්ලා සහ එම දේවස්ථානවල භාරකාර මණ්ඩල සමග සාකච්ඡා කොට ඒ සදහා සුදුසු පරිදි ආරක්ෂක වැඩපිලිවෙලක් සකස් කිරිමටත්, ප්‍රාදේශිය ත්‍රිවිධ හමුදා කඳවුරු භාර නිලධාරින්ද සමග සාකච්ඡා කර ඔවුන්ගේද සහාය ලබාගැනීමට ක්‍රියා කරන ලෙසටත් පොලිස්පතිවරයා විසින් වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇතැයි පොලිස් මුලස්ථානය වැඩිදුරටත් සදහන් කර ඇත

Leave a comment

Your email address will not be published. Required fields are marked *