27 April 2024
#පුවත් #සංවර්ධන

නාමිණිඔය ශ්‍රීමත් මොන්ටි ගොපල්ලව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට

මධ්‍යම පළාත් සභාවේ රුපියල් මිලියන මිලියන 7.6 ක අරමුදල් මඟින් මප/විල්/නාමිණිඔය ශ්‍රීමත් මොන්ටි ගොපල්ලව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ දෙමහල් ගොඩනැගිල්ල ඊයේ (25) දින ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ සුරතින් විවෘත කර සිසු අයිතියට පත් කෙරිණ.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ මග පෙන්වීම යටතේ, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් රොෂාන් බියන්විලගේ පූර්ණ අධීක්‍ෂණයෙන් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් මෙම ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලැබීය.

ඒ අනුව, මෙමඟින් නාමිණිඔය ප්‍රාථමික විදුහල් දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා මනා පිටුවහලක් ලැබෙනු ඇත.

ගෞරවනීය මහා සංඝරත්නය, මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මේනක හේරත් මහතා, නාමිණිඔය ශ්‍රීමත් මොන්ටි ගොපල්ලව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති අයි. ජී. ආරියසිංහ මහතා ඇතුළු ගුරු මණ්ඩලය, පාසල් දු දරුවන් සහ දෙමව්පියන් ඇතුළු විශාල පිරිසක් සහභාගීවිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *