27 April 2024
#ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තාක්ෂණික උපදේශන කමිටුවක්

ක්‍රිකට් ක්‍රීඩාවේ දැනට පැනනැගී ඇති ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා 2020 ජනවාරි මස 8 වන දිනට සංශෝධිත ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවේ තුන්වන ඡේදය හා 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 39(03) වන වගන්තිය සමග කියවිය යුතු 41 නි වගන්ති යටතේ ක්‍රිඩා අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සඳහා තාක්ෂණික උපදෙස් කමිටුවක් පත් කරන ලදී.

ඒ අනුව වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් එම කමිටුවේ නිලධාරීන් හට නිල වශයෙන් පත්වීම් භාර දීම අද(11) දින අමාත්‍යංශයේදී සිදු කරන ලදී.

ඔවුන්ගේ නම් මෙසේයි.

01.සනත් ජයසූරිය මහතා (කමිටු සභාපති)
02.ෆාවිස් මහරුෆ් මහතා (කමිටු සාමාජික)
03.කපිල විජේගුණවර්ධන මහතා (කමිටු සාමාජික)
04,චරිත් සේනානායක මහතා (කමිටු සාමාජික)
05.අසංත ද මෙල් මහතා (කමිටු සාමාජික)

 

මෙම අවස්ථාවට ක්‍රීඩා හා ‍යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේෂන් මහතා, අතිරේක ලේකම් (සංවර්ධන) දීපාල් සිරිබද්ධන, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් (වැ.බ) අනුර මුතුමාල යන මහත්වරුන් සහභාගී වී සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *