27 April 2024
#දේශීය

කඩුවකින් කොටා පුද්ගලයෙකු ඝාතනය කෙරේ

බිංගිරිය, නාගොල්ලාගොඩ ප්‍රදේශයේ ඊයේ (11) රාත්‍රීයේදී කඩුවකින් කොටා පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 52 ක් වු වල්ලව,නාගොල්ලාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම ඝාතනයේ සැකකරු සහ මරණකරු නාගොල්ලාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්වේ.

සැකකරු විසින් මරණකරුට අයත් වෙළඳසැල ආසන්නයේ තවත් පුද්ගලයෙකු සමඟ මත්පැන් පානය කර ඇති අතර එයට විරුද්ධ වු මරණකරු සමඟ ඇති කරගත් බහින්බස්වීමක් දුරදිග යාම හේතුයෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලිස් විමර්ශණවලදී අනාවරණ වී ඇත.

මෙම ඝාතනය සිදු කරන අවස්ථාවේදි මිය ගිය පුද්ගලයාගේ බිරිඳටද සැකකරු විසින් කඩුවෙන් පහරදීම හේතුවෙන් තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුලත් කර ඇත.

මෘත ශරීරය කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර මෙම ඝාතනය සිදු කල වයස අවුරුදු 41 ක් වු සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බිංගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *