• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හරවත් පොත පත කියවීමට ජනතාව ඇබ්බැහි විය යුතු කාලයක් – අධ්‍යාපන ඇමති කියයි 

21 September 2018
in දේශීය

20 වැනි වරටත් සංවිධානය කරන ලද කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ විවෘත කෙරුණා.  කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම ප්‍රදර්ශනය පවත්වන අතර, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය එය සංවිධාන කර තිබේ. 

ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කළේ ජනතාව හරවත් පත පොත කියවීමට ඇබ්බැහි විය යුතු කාලය එළඹ ඇති බවයි. පාසල් දරුවන්ගේ රසවින්දන හැකියාවන් මෙන්ම දැනුම ඉහළ නංවමින් කියවීමට දරුවන් දිරිගැන්වීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් කලණ මිතුරු පොත් සුමිතුරු නමින් විශේෂ කියවිමේ වැඩසටහනක් සහ තරගාවලියක් ආරම්භ කර ඇති බව ද සිහිපත් කළා. 

කියවීම හරහා පුද්ගලයෙකු අත්පත් කරගන්නා හැකියාවන් ආකල්ප සංවර්ධනය මෙන්ම දැනුමෙන් පිරිපුන් පුද්ගලයෙකු නිර්මාණය කිරීම සඳහාත්, වේගවත් ලෙස දැනුම විසරණය කිරීම සඳහාත් පොත් පත්වල ඇති හැකියාව පිළිබඳව ද අධ්‍යාපන අමාත්‍යවරයා මෙහි දී සිහිපත් කළා.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව පොත් ප්‍රකාශකයින් සහ කතුවරුන් රැසක් අලුත් පොත් පත් ජනගත කිරීමේ ප්‍රවණතාවක් ද නිර්මාණය වීම මෙරට සාහිත්‍ය ප්‍රබෝධයේ සුබ ලකුණක් බව ද සිහිපත් කළ අමාත්‍යවරයා , ඒ සම්බන්ධයෙන් සංවිධායකයන්ට සිය ස්තුතිය ද පළ කළා.

නිල වශයෙන් පොත් ප්‍රදර්ශනය විවෘත කිරීමෙන් අනතුරුව ප්‍රදර්ශන කුටි කිහිපයක සංචාරය කළ අධ්‍යාපන අමාත්‍යවරයා පොත් පත් කිහිපයක් මිළදී ගැනීමට ද අමතක කළේ නැහැ.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 21 සිට 30 වන දා දක්වා උදෑසන 9.00 සිට රාත්‍රී 9.00 දක්වා විවෘත කොට තැබීමට නියමිතයි.

Post Views: 13
Previous Post

ජොන්ස්ටන්ගේ නිදහස වෙනුවෙන් ආශිර්වාද පුජාවක් 

Next Post

සංචාරක දිනය වෙනුවෙන් ඡායාරූප ප්‍රදර්ශනයක් 

editor

editor

Next Post

සංචාරක දිනය වෙනුවෙන් ඡායාරූප ප්‍රදර්ශනයක් 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved