• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාසලේ දී සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන තෙක් වෘත්තීය පුහුණු පාඨමාලාවක් – ඇමැති සුසිල්

17 July 2023
in දේශීය

පාසලේදීම සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන තෙක් වෘත්තීය පුහුණු පාඨමාලාවක් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ ඩිප්ලෝමා හා සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

අද ලෝකය ඉල්ලන්නේ නිපුණතාවෙන් හෙබි වෘත්තිකයන් බවත් ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස (ජර්මන් ටෙක්) ආයතනයේ පාඨමාලාවන් හදාරන සිසුන්ට එවැනි වෘත්තීය පිළිගැනීමක් ජාත්‍යන්තර මට්ටමින් පවතින අතර රැකියාවන් ඔවුන් සොයා පැමිණන බව හෙතෙම පැවසිය.

ඉදිරියේ දී ජර්මන් රජයේ සහයෝගය මත මෙම ආයතනය හා එහි පාඨමාලා තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරන අතර එම පාඨමාලාවල ප්‍රමිතිය අඛණ්ඩ ව ඉදිරියටත් සුරක්ෂිත ව පවත්වාගත යුතු බවත් මෙරට එවැනි වෙනත් කාර්මික පුහුණු ආයතනවල තත්වය ද එලෙසින් ම සංවර්ධනය කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේ ය.

තෘතීය අධ්‍යාපනය සම්බන්ධයෙන් පමණක් නොව පාසල් පද්ධතිය තුළින් ද නිපුණතා සපිරි තරුණ පිරිසක් රටට දායාද කළ යුතු අතර ඒ සඳහා තොරතුරු සන්නිවේදන තාක්ෂණය මුසු කරගත් කෘත්‍රීම බුද්ධිය වැනි විෂයන් හා ගැළපූ නව ඉගැන්නුම් ක්‍රමවේද හඳුන්වා දෙමින් දැනුම යාවත්කාලීන ගුරු පුහුණු අවස්ථා සහිත ව පුළුල් වෙනසක් කරා වේගයෙන් ගමන් කළ යුතු ව පවතින බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

ඒ සඳහා පාසල්වලට අවශ්‍ය යටිතල පහසුකම් සපයමින් නව පාසල් දහසකට නව සන්නිවේදන පහසුකමක් වූ ෆයිබර් ඔප්ටික් (Fiber Optic Connection) හා අවශ්‍ය පරිදි විදුලිබල පහසුකම් ලබා දීමට ක්‍රියා කරන බවත් හෙතෙම පැවසී ය.

මෙම පහසුකම් ලබා දී පාසල් පද්ධතියේ මෙන් ම විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ද වෘත්තීය නැඹුරුවකින් යුත් පරිවර්තනීය වෙනසක් සිදු කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා තවදුරටත් පැවසී ය.

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට උසස් පෙළ හැදෑරීම සඳහා ප්‍රතිඵල අපේක්ෂාවෙන් පසු වන මාස තුනක පමණ කාලයේ දී අභිමත වෘත්තීය පාඨමාලාවක් පාසල තුළ දී ම හැදෑරීමේ අවස්ථාව දීපව්‍යාප්ත මට්ටමින් සිසුන්ට හිමි කර දීමට ඉදිරියේ දී අපේක්ෂා කරන බවත් එමගින් උසස් පෙළ හැදෑරුවත් නැතත් සිය ඉදිරි වෘත්තීය ජීවිතය පිළිබඳ යම් සාක්ෂරතාවක් සිසුන්ට ලද හැකි බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේ ය.

විදෙස්ගත ව පවතින පුහුණු ශ්‍රම ඉල්ලුමට සරිලන පුහුණුවක් ලබා දිය හැකි පරිදි දිවයින පුරා පිහිටුවා ඇති මධ්‍යස්ථානවලින් පාඨමාලා හැදෑරීමේ දී එහි කාලය අඩු කරගැනීමට ද පාසලේ දී මූලික ව ලබන මෙම වෘත්තීය පුහුණු පාඨමාලා කාලය ඉවහල් කරගත හැකි බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Post Views: 20
Previous Post

ගෝඨා අයියා කරපු අසාධාරණයවලට එයාට පල දී ඇති බව උදයංග කියයි

Next Post

නිවාස ණය මුදල් පුද්ගලික පරිහරණයට යොදා ගත් නිළධාරීන් දෙදෙනකු පොලීස් අත්අඩංගුවට

editor

editor

Next Post

නිවාස ණය මුදල් පුද්ගලික පරිහරණයට යොදා ගත් නිළධාරීන් දෙදෙනකු පොලීස් අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved