27 April 2024
#දේශීය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ලෙස මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමි පත් වුහ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපති වශයෙන් ජේෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමිපාණන් වහන්සේ පත්වූ බව එම පක්ෂය නිවේදනය කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා සභා රැස්වීම බත්තරමුල්ල, නෙළුම් මාවත,පක්ෂ මූලස්ථානයේදී පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ (22) පැවැත්වීණි.

මෙම මහා සභා රැස්වීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව නිලධාරි මණ්ඩලය පත් කර ගැනීම සිදු කෙරුණු අතර ,එහිදී නව සභාපතිවරයෙකු තෝරා ගැනීම සිදු වූ අතර, අනෙකුත් හිටපු නිලධාරි මණ්ඩලය ඒ අයුරින්ම පත්වූහ .

පක්ෂයේ නව සභාපති වශයෙන් පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමිපාණන් වහන්සේ මහසභාවේ ඒකත් ඡන්දයෙන් පත්කර ගත්හ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *