27 April 2024
#දේශීය

නිවසක ඇති වු ගින්නකින් කාන්තාවක් මරුට

කලවංචිකුඩි, වෙම්බුපාර, මාන්කාඩු ප්‍රදේශයේ නිවසක හදිසියේ ඇති වු ගින්නකින් කාන්තාවක් පිලිස්සි මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (07) දහවල් කාලයේදී අදාළ සිද්ධිය සිදුව ඇති අතර මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 74 ක් වන එම නිවසේ පදිංචිකාරියකි. මෙම කාන්තාව අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇවිදිමට නොහැකිව නිවසේ ඇඳක් මත සිටි ඇති බැවින් නිවසේ දල්වන දුම් තැටියක් ඇඳ ආසන්නයේ තබා ගනිමින් නිදා සිට ඇත.

එහිදී මෙම ගින්න ඇතිව ඇති බව පොලිසිය කල මුලික විමර්ශන වලදි අනාවරණ වී ඇත. මහේස්ත්‍රාත් පරික්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මෘත දේහය මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කලවංචිකුඩි පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *