27 April 2024
#දේශීය

රටට ඇති එකම විසඳුම විකල්පය සමගි ජන බලවේගය පමණයි – විපක්ෂ නායක සජිත්

රාපක්ෂලා සහ හොරු රකින ආන්ඩුවට එරෙහිව විකල්පයක් සොයන විට ඒ විකල්පය සහිත පක්ෂය ගමේ නගරයේ හා රටේ හොරකම් මැරකම් සිදු නොකරන විකල්පයක් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද (7) “ජයග්‍රහණයේ චාරිකාව”මැයෙන් මොනරාගල ආසන බලමණ්ඩලයේ පැවැති ජන හමුවක් අමතමිනි.

හැත්තෑ පස් වසරක මෙරට ප්‍රජාතන්ත්‍රීය ඉතිහාසය තුළ විපක්ෂය ඉටු කලේ ආසන මට්ටමින් සංවිධානය වී කෙසේ හෝ රාජ්‍ය බලය ලබා ගැනීම වුවත් වත්මන් විපක්ෂය  බලයක් නොමැතිව වුවත් ජනතාව වෙනුවෙන් විශාල සේවාවක ඉටු කර ඇති බවත් නිකං වේදිකාවල සිදු කරන කයිවරු කතාවලින් රට ගොඩ ගත නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ විකල්ප පක්ෂ යැයි කියා ගන්නා පිරිස් බලය නොමැතිව කිසිදු දෙයක් ජනතාව වෙනුවෙන් ඉටු කර නොමැති බවත් එබැවින් රටේ ජනතාව තීන්දු කළ යුතු වන්නේ බලය නොමැතිව වුව ජනතාවට සේවයක් සිදු කළ හැකි පිරිසට රට ගොඩ ගැනීමට අවස්තාව ලබා දීම බවත්,පැවසූ විපක්ෂ නායකවරයා සමගි ජන බලවේගය බලය නොමැති වූ කළ සේවය පිළිබඳව ද සිහිපත් කළේය. බලයක් නොමැතිව මෙවැනි සේවාවක් ඉටු කරන්නේ නම් බලය ලැබුණු පසු කෙතරම් සේවාවක ඉටු කළ හැකි ද කියා ජනතාව බුද්ධියෙන් සිතා බැලිය යුතු බව හෙතෙම අවධාරණය කළේය.

මේ වන විට කඩා වැටී ඇති රට බංකොලොත් වී ඇති රට විවිධ දේවලින් බෙදී ඇති රට ගොඩ ගත හැක්කේ සමගි ජන බලවේගයේ කණ්ඩායමට බවත් ඒ හැරුණුකොට වෙනත් විකල්පයක් නැති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *