27 April 2024
#දේශීය

කැබ් රථයක් හා යතුරුපැදියක් ගැටිමෙන් කාන්තාවක් මරුට

මහනුවර යාපනය ඒ නව මාර්ගයේ මාතලේ ,අලුවිහාරේ ප්‍රදේශයේදි ඊයේ(05)දා සවස කැබ්රථයක යතුරුපැදියක් ගැටිමෙන් සිදුවු අනතුරින් ස්කුටර් වර්ගයේ යතුරු පැදිය පැදවු මව මියගොස් එහි ගමන්ගත් ඇයගේ පුත්‍රයා බරපතල තුවාල ලබා ඇති බව මාතලේ මුලස්ථාන පොලිසිය පවසයි. 

මාතලේ සිට දඹූල්ල දක්වා ගමන්ගත් කැබ් රථයක් වේගය පාලනය කර ගත නොහැකිව අනෙක් පසින් පැමිණී ලොරි රථයක,ත්‍රිවිල් රථයක සහ මෙම ස්කුටර් වර්ගයේ යතුරු පැදියේ ගැටි ඇති බවත් යතුරු පැදියේ ගමන් ගත් පුත්‍රයා බරපතල තුවාල ලබා ඇති බවද පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ මාතලේ,මඩවල උල්පත,මැදිරොදවත්ත පදිංචි ගල්බොක්කේ ලෙදර හේවා චමිලා දර්ශනි නැමති 46 හැවිරිදා කාන්තාවක් වන අතර සිද්ධීයෙන් බරපතල තුවාල ලැබු 14 හැවිරිදි පිරිමි දරුවා වැඩිදුර ප්‍රතිකාර ලබා දිම සදහා මහනුවර මහ‍රෝහල මාරු කර යවා ඇති බවද පොලිසිය කියයි.

සිද්ධීය සම්බන්ධයෙන් කැබ්රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය කියයි.

මාතලේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක උපුල් ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශය වැඩිදුර පරික්ෂක පවත්වයි.

 

මහේෂ් කීර්තිරත්න – මාතලේ

Leave a comment

Your email address will not be published. Required fields are marked *