27 April 2024
#සංවර්ධන

දරුවන්ගේ සපත්තු මහන අපුරු පාසලක් මාතලේ

පවතින ආර්ථික අර්බුද හමුවේ පාසල් දරුවන්ට පාවහන් ගැනිමට නොහැකි විම තත්වය මත දරුවන් පාවිච්චි කරන කැඩි ඇති සපත්තු අලුත්වැඩියා සිදු කරන අපුරු පාසලක් පිළිබදව මාතලේ තැන්න මහා විද්‍යාලයෙන් වාර්තා වේ.

මෙම වැඩසටහන මාතලේ තැන්න මහා විද්‍යාලයේ චිත්‍ර විෂය භාර ආචාර්ය ලලිත් යසරත්න,සිංහල විෂය භාර ආචාර්ය දිමුතු සෙනවිරත්න ඉංග්‍රිසි විෂය භාර ආචාර්ය නන්දන සෙනවිරත්න යන මහත්වරුන් විසින් මෙම සත්කාර්ය සදහා දායකත්වය ලබා දෙයි.

පාසලේ දරුවන්ගේ කැඩි ඇති සපත්තු මේ ආකාරයෙන් අලුත්වැඩියා සිදු කරන බවත් ආර්ථික අපහසුතාවයන් ඇති දරුවන් සදහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් මෙය ආදර්ශමත් වැඩපිළීවෙලක් බවත් මේ සදහා සිය දායකත්වය දක්වන ගුරුවරුන්ට කෘවේදිත්වය ඵල කරන බව විදුහල්පති ඉන්දික ගල්කොටුව මහතා මහතා පැවසිය.

විදුහල්පති ඉන්දික ගල්කොටුව මහතාගේ උපදෙස් පරිදි නියෝජ්‍ය විදුහල්පති තිරුෂිනි සුමතිපාල මහත්මියගේ අධික්ෂණය යටතේ මෙම වැඩසටහන සිදු කෙරේ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *