27 April 2024
#දේශීය

මහ කන්නයේ වී අස්වනු නෙලීම සඳහා ගොවීන්ට නොමිලේ ඩීසල් ලබාදීම ආරම්භ කෙරේ

2022/ 2023 මහ කන්නයේ වී අස්වනු නෙලීමට ගොවි ජනතාවට චීන රජයේ ආධාර මත නොමිලේ ඩීසල් ලබාදීමේ වැසටහන යටතේ එප්පාවල ඉන්ධන පිරවුම්හල මගින් එප්පාවල හා කටියාව ගොවිජන සේවා බල ප්‍රදේශයන්හී ගොවීන් වෙත ඉන්ධන නිකුත් කිරීම අද (10) ආරම්භ කෙරිණි.

එහිදී හෙක්ටයාරයකට (අක්කර 2 1/2 ක් සඳහා) ඩීසල් ලීටර 15 ක් නිකුත් කිරීම සිදු කෙරිණි.ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කෘෂි පර්යේෂණ නිළධාරීන්ගේ අධීක්ෂණය යටතේ කූපන්පතක් නිකුත් කර ඉන්ධන නිකුත් කිරීම ඉන්ධන පිරවුම්හල් හරහා සිදු කරනු ලබයි.

ගොවියා අසරණ වී සිටින අවස්ථාවේ මෙවැනි අධාරයක් ලබා දීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන බවද ගොවීන් පවසා සිටිති, වගා හානී සඳහා ආධාර ලබා දීම හා පොහොර මිටියක් නොමිලේ ලබා දීම ආදී වැඩසටහන් මගින් අසරණ වූ ගොවියාට මහත් අස්වැසිල්ලක් ලැබුණු බවද ගොවීන් එහිදී පැවසීය.

තවද වී සඳහා සාධාරණ මිලක් ලබා දීම මගින් අසරණ වූ ගොවිය තව තවත් ශක්තිමත් කළ හැකි බවද ගොවීන් පැවසීය.

වී අස්වනු නෙලීම සඳහා මෙසේ ඉන්ධන ලබාදීම සිදු කෙරුණද හෙක්ටයාරයක් සඳහා ඩීසල් ලීටර 15 ක් කිසිසේත් ප්‍රමාණවත් නැතැයි ගොවීන් චෝදනා කරති.ඉන්ධන ලීටර 30 ක් පමණ වී අස්වනු නෙලීමේ යන්ත්‍රයට අවශ්‍යය බව ගොවීන් පවසන අතර,මුලින් ලීටර 30 ක් දෙනවා කිව්වා හෙක්ටයාරයකට, දැන් ඒක 15 ක් වෙලා.ගොවියා හිගන්නෝ කරලා චීනෙන් ආධාර අරගෙන ඒකෙනුත් ගසා කාලා යැයිද ඇතැම් ගොවීන් චෝදනා කළහ.

 

තිසර සමල් – අනුරාධපුර

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *