27 April 2024
#දේශීය

යතුරු පැදියක් හා ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටී තරුණයෙකු මරුට

අලුත්ගම, මොරගල්ල ප්‍රදේශයේදී කොළඹ දෙසට ධාවනය වු යතුරු පැදියක් ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයක මුහුණට මුහුණ ගැටී සිදු වු අනතුරින් අයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (06) දහවල් කාලයේදී අදාළ සිදුවීම සිදුව ඇති අතර අනතුර වු අවස්ථා‌වේදී බරපතල තුවාල ලැබු යතුරුපැදිකරු සහ පසුපැදිකරු කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව අයෙකු මිය ගොස් ඇත.

මිය ගිය පුද්ගලයා ගනේගම පදිංචි 22 හැවිරිදි වියේ පසුවන්නකි. මෘත ශරීරය කළුතර නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

ත්‍රිරෝද රථ රියදුරුගේ අපරික්ෂාකාරි හා නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති අතර ත්‍රිරෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *