27 April 2024
#සංවර්ධන

යාපනයේදී නව බෝට්ටු නිෂ්පාදනාගාරයක් ධිවර අමාත්‍ය අතින් විවෘත වේ

යාපනය මන්කුම්බාන් ප්‍රදේශයේ ඉදිකර ඇති බෝට්ටු නිෂ්පාදනාගාරය හා පුහුණු මධ්‍යස්ථානය ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා අතින් ඊයේ (06) දින විවෘත කරන ලදී.

විදේශීය හා ලාංකික පෞද්ගලික අංශයේ ආයෝජනයක් ලෙස ඉදිකර ඇති මෙම බෝට්ටු නිෂ්පාදනාගාරය මගින් මන්කුම්බාන් ප්‍රදේශයට අයත් තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලැබෙන අතර මෙම ප්‍රදේශයේ ජනතාව තුළ යහපත් ආර්ථිකයක් ගොඩනඟා ගැනීමට මෙම කර්මාන්ත ශාලාව යොදාගැනීම ද අපේක්ෂා කෙරේ.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ 2009 වසරේ යුද්ධය අවසන් වීමත් සමඟ උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම සඳහා මෙවැනි කර්මාන්ත ශාලා ඉදිකිරීමට රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශය ද කටයුතු කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම කර්මාන්ත ශාලාව විවෘත කිරීමට ලැබීම පිළිබඳව තමන් සතුටු වන බවත්, එමගින් විශේෂයෙන් මෙම කර්මාන්ත ශාලාව ආශ්‍රිතව සිදු වූ පුහුණු මධ්‍යස්ථානය මගින් ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ රැකියා ගැටලුව විසඳීමට ද හැකි වීම ද මෙරට ආර්ථිකයට සිදු කරන විශාල ආයෝජනයක් ලෙසද තමන් විශ්වාස කරන බවයි.

මෙහිදී මෙම කර්මාන්ත ශාලාවෙන් පුහුණුව ලැබූ තරුණ තරුණියන් පිරිසකට සහතික පිරිනැමීම ද සිදු විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *