27 April 2024
#දේශීය #පුවත්

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කල පිරිසක් නාවික හමුදා භාරයට

වලංගු බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දහසය දෙනෙකු (16) මන්නාරම, නඩුකුඩා ප්‍රදේශයේ ඊයේ (13) සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එහිදී මුහුදු කූඩැල්ලන් ගණනින් එක් දහස් දෙසිය අසූවක (1280) පමණ තොගයක් සහ කැබ් රථයක් (01) නාවික හමුදා භාරයට ගෙන ඇත.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 24 ත් 54 ත් අතර වයසේ පසුවන වංකාලේ, මන්නාරම සහ වීරවිල් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරුවන් දහසය දෙනා (16), මුහුදු කූඩැල්ලන් තොගය සහ කැබ් රථය ඉදිරි නීතීමය කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

Navy apprehends 16 persons for illegal transportation of sea cucumber

The Sri Lanka Navy on 12th January 2024 apprehended 16 individuals in the Nadukuda area of Mannar while transporting around 1280 sea cucumbers, sans valid license. The operation also resulted in the seizure of a cab used for this illicit activity.

The Navy conducts regular operations in the coastal and sea areas of the island in order to suppress illegal fishing activities performed by people with scant regard towards responsible fishing practices.

The suspects held in this operation were identified as residents of Vankalei, Mannar and Weeravil areas, from 24 to 54 years of age. The accused along with the haul of sea cucumbers and the vehicle were handed over to the Assistant Directorate of Fisheries, Mannar for onward legal action.

Leave a comment

Your email address will not be published. Required fields are marked *