• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් බාර ගැනීම ඇරඹේ

15 February 2024
in දේශීය, පුවත්
අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් බාර ගැනීම ඇරඹේ

අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් බාර ගැනීම අද (15) සිට මාර්තු 15 වනදා දක්වා සිදු කෙරෙන බවත් සුදුසුකම් ලබන සියලු දෙනාට අස්වැසුම ප්‍රතිලාභ කිසිදු බලපෑමකින් තොරව හිමිවන බවත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් බාර ගැනීම පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී අද (15) පැවති මාධ්‍ය හමුවේදීය.

අස්වැසුම පළමු අදියර සඳහා අයදුම්පත් යොමු කර නොමැති පවුල්වලට මෙන්ම අයදුම්පත් ඉදිරිපත් කළ නමුත් නිවාස තොරතුරු සංගණනයට ලක් නොවූ ඕනෑම තරාතිරමක පුද්ගලයකුට අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම් කිරීමේ අවස්ථාව හිමිවන බවද ඒ මහතා සඳහන් කළේය.

අස්වැසුම දෙවැනි අදියරේදී පවුල් ලක්ෂ 24කට ප්‍රතිලාභ ලබා දීමට අපේක්ෂිත අතර එහිදී හැකිතාක් සත්‍ය හා නිවැරදි දත්ත ඇතුළත් අයදුම්පත් ඉදිරිපත් කිරීමෙන් ප්‍රතිලාභ ලබා දීමේ ක්‍රියාවලිය කඩිනම් කළ හැකි බව පෙන්වා දුන් ඒ මහතා නිශ්චිත කාල රාමුව තුළ අස්වැසුම ප්‍රතිලාභ ලබා දීමේ අරමුණින් දෙවැනි අදියර සඳහා අයදුම් කිරීමේ දී අයදුම්කරුවන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීම අනිවාර්ය කර ඇති බවද සඳහන් කළේය.

ඒ අනුව ජාතික හැඳුනුම්පත් නොමැති අයදුම්කරුවන්ට කඩිනමින් හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් විශේෂ වැඩසටහනක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ක්‍රියාත්මක කෙරේ.

අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම් කිරීම මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මෙන්ම ග්‍රාම නිලධාරීවරයා හෝ ප්‍රදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කළ හැකි අතර www.wbb.gov.lk වෙබ් අඩවිය ඔස්සේ සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් තම අයදුම් පත සම්පූර්ණ කළ හැකි වේ.

මාර්ගගතව අයදුම් කළ නොහැකි පිරිස් සඳහා ආදර්ශ අයදුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හෝ සිවිල් සංවිධාන හරහා ලබා ගත හැකිය. මෙම ඉල්ලුම්පත් කිසිසේත්ම මිලදී ගැනීමට අවශ්‍ය නොවේ.

පළමු අදියර සඳහා අයදුම් කර ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් නොලැබූවන්ට මෙන්ම අභියාචනා පරීක්ෂණ සඳහා සහභාගී නොවූවන්ටද තොරතුරු නැවත සනාථ කිරීමට (Recertification) අවස්ථාවක් ඉදිරියේදී ලබා දෙන බව මෙහිදී අවධාරණය කෙරිණි. අස්වැසුම පිළිබඳ වැඩි විස්තර 1924 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ලබා ගත හැකිය.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සාමාජිකයන් වන එච්. ටී. කේ පත්මසිරි, කුමාර් දුනුසිංහ, කේ. එච්. ජේ මුලර්, ආර්. අනීස්, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ අතිරේක කොමසාරිස් (මෙහෙයුම්) ආර්. ආර්.ආර්. රාජපක්ෂ, අතිරේක කොමසාරිස් ( මූල්‍ය) ඊ. ඒ. වීරසේන යන මහත්ම මහත්මීහු මෙම මාධ්‍ය සාකච්ඡාවට එක් වූහ.

Post Views: 6,661
Previous Post

මෙරට වෙළඳ මූල්‍යකරණයට ජාත්‍යන්තර ඩිජිටල් යාන්ත්‍රණයන් හඳුන්වාදීමේ වැඩසටහනක්

Next Post

දරුවන්ට හරිහැටි අධ්‍යාපනයක් දෙන්න බැරි ආණ්ඩුවක් මොකටද – විපක්ෂ නායක සජිත්

editor ttvnews

editor ttvnews

Next Post
ජනපතිගේ වහලුන් මාර්ගගත ආරක්ෂාව සම්බන්ධ පනත් කෙටුම්පත විනාශ කරලා – විපක්ෂ නායක සජිත්

දරුවන්ට හරිහැටි අධ්‍යාපනයක් දෙන්න බැරි ආණ්ඩුවක් මොකටද - විපක්ෂ නායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved