ජාතික තරුණ සේවා සභාව සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරන යහපත් මාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය කිරීම උදෙසා වන ප්‍රාදේශීය තරුණ මාධ්‍යවේදී පුහුණු වැඩසටහන අද (04) ජාතික තරුණ සේවා සභාවේදී ආරම්භ විය. විවෘත අයදුම්පත් කැඳවීමෙන් අනතුරුව දිවයින පුරා සියලුම ග්‍රාමසේවා වසම් ආවරණය වන පරිදි තෝරාගත් තරුණ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් 341 දෙනෙකු සඳහා මෙම පුහුණුව ක්‍රියාත්මක වේ.
තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සමාරම්භක අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ සභාපති, ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ සුපුන් විජේරත්න සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් හර්ෂ බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. මෙහි පළමු පුහුණු වැඩසටහන ජනාධිපති මාධ්‍ය උපදේශක, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතා විසින් සිදු කරන ලද අතර, දිවයින පුරා ප්‍රාදේශීය මාධ්‍ය ඒකක 340ක් ගොඩනැගීම සහ සහභාගී වන තරුණ තරුණියන්ට ඉදිරියේදී විදෙස් පුහුණු අවස්ථා ලබාදීම මෙම වැඩසටහනේ අවසාන අපේක්ෂාව වේ.













