• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීමේ ඉලක්කය සපුරනවා – ඇමැති නිමල්

19 February 2021
in දේශීය

මේ රටේ ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීමට 2021 අයවැය යෝජනා යථාර්ථයක් බවට පත් කිරීම ආර්ථික පුනර්ජීවන කමිටුවේ ඉලක්කය බව ජනාධිපති කාර්ය සාධක බලකායේ ජාතික සම්බන්ධීකරණ ජීවනෝපාය අනු කමිටුව එහි සභාපති කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (17) බත්තරමුල්ල මග නැගුම මහ මැදුර ශ්‍රවණාගාරයේ දී පැවැති රැස්වීමක් අමතමිනි.

සමෘද්ධි,මුදල් , විදේශ රැකියා ප්‍රවර්ධන, කාන්තා හා ළමා සංවර්ධන සංවර්ධන, නිපුණතා සංවර්ධන මිරිදිය මත්ස්‍ය සංවර්ධන, බතික් අත්යන්ත්‍ර රෙදි හා ඇඟලුම් නිෂ්පාදන, වේවැල් පිත්තල මැටි හා ලී බඩු ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ විෂයන් ඔස්සේ මේ රටේ ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය කිරීමේ සැලසුම් පිළිබඳ සාකච්ඡා කෙරිණ .

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පෙන්වා දුන්නේ සමෘද්ධි ව්‍යාපාරය දිගින් දිගටම සමෘද්ධි සහනාධාර ලබා දෙමින් එම වැඩසටහන ආරම්භ කළ මුඛ්‍ය පරමාර්ථය වන දිළිඳු ජනතාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමේ අරමුණෙන් මේ වනවිට ඈත් වී ඇති බවයි.

එම නිසා සමෘද්ධි ව්‍යාපාරය අපේක්ෂා කළ අවසාන ප්‍රතිඵලය මේ දක්වා සමෘද්ධි ව්‍යාපාරයට ළඟා කර ගැනීමට නොහැකි වී ඇති බව නිමල් සිරිපාල ද සිල්වා මහතා පෙන්වා දුන් අතර එහි දී ඔහු කියා සිටියේ, තමන්ගේ වසමේ සමෘද්ධි ප්‍රතිලාභීන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමට නොහැකි නම් එම සමෘද්ධි නිලධාරීන් පිළිබඳව තීරණයක් ගත යුතු බවයි.පොහොසත් පුද්ගලයන් ද සමෘද්ධි දීමනා ලබන බවට පැමිණිලි ලැබෙන බැවින් වර්තමාන සමෘද්ධිලාභීන් පිළිබඳ විගණනයක් කළ යුතු බවට මෙහි දී අමාත්‍යවරු පෙන්වා දුන්නේය.කෙසේ වුවත් සමෘද්ධි හා දිළිඳු පවුල් ලක්ෂ දෙකක් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම සඳහා වත්මන් රජය රුපියල් මිලියන 10,000 ක් වෙන්කර ඇති බැවින් ඉතාම කඩිනමින් අයවැයෙන් යොජනා කර ඇති වැඩසටහන ආරම්භ කරන ලෙස මෙහි දී අමාත්‍යවරුන් සමෘද්ධි නිලධාරීන්ට දන්වා සිටියේය.

එසේම අත්යන්ත්‍ර,පේෂ කර්මාන්ත හා බතික් මධ්‍යස්ථාන පිහිටුවීමට අදාළ ප්‍රාදේශීය කටයුතු කිරීමේදී ඒ පිළිබඳ ප්‍රදේශයේ දේශපාලන නායකත්වය සමඟ ද සාකච්ඡා කරන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉල්ලීමක් කළේය.

කොරියාව වැනි රටවල සේවය කර මෙරටට විදේශ විනිමය ගෙන ආ ශ්‍රමිකයන්ගේ දරුවන්ට මේ රටේ යම් කිසි කර්මාන්තයක් ඇරඹීමට ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලෙස නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙහි දී අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතාගේ ඉල්ලීමක් කළේය.

රටපුරා දියර කිරි ප්‍රචලිත කිරීමේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා පවතින නිලධාරී හිඟය අවසන් කිරීම සඳහා සත්ව සංවර්ධන උපදේශක නිලධාරීන් ලෙස අ.පො.ස උසස් පෙළ කලා විෂය ධාරාව සමත් තරුණයන් ද බඳවා ගැනීමට කටයුතු කරන ලෙස මෙහි දී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා යෝජනා කර සිටියේය.

එසේම මේ රටේ තරුණයන් රාජ්‍ය සේවයට ඇදී ඒම වෙනුවට ඔවුන් පෞද්ගලික අංශය කෙරෙහි ආකර්ෂණය කිරීමට පෞද්ගලික අංශයට ද විශ්‍රාම වැටුප් ක්‍රමයක් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් සැකසීමට මේ වන විට මූලික කටයුතු කරගෙන යමින් සිටින බව ද කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පෙන්වා දුන්නේය.

මීළඟ කමිටු රැස්වීම මාර්තු මස 17 බදාදා පැවැත්වෙන බව මෙහිදී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා නිවේදනය කළේය.

 

නාමල් රාජපක්ෂ,ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරු සහ අජිත් නිවාඩ් කබ්රාල්, ඩී.වී. චානක,සීතා අරඹේපොල, යන රාජ්‍ය අමාත්‍යවරු ද මෙම අවස්ථාවට එක් වූහ.

 

Post Views: 5
Previous Post

එක්සත් රාජධානිය සඳහා සංචාරක සීමා ඉවත් කරයි – විදේශ අමාත්‍යාංශය

Next Post

පළාත් සභා අහෝසි කරන්න ආණ්ඩුව සුදානම් නෑ … ඇමැති ඩග්ලස් යලිත් කියයි

editor

editor

Next Post

පළාත් සභා අහෝසි කරන්න ආණ්ඩුව සුදානම් නෑ ... ඇමැති ඩග්ලස් යලිත් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved