තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණ ප්‍රතිඵල ලබන මැයි 4 වනදා නිකුත් වීමට නියමිතව තිබියදී, තමිලග වෙට්‍රි කලගම් (TVK) පක්ෂයේ නායක විජෙයි ෂිර්ඩි සායි බාබා විහාරස්ථානයක වන්දනාමාන කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්ව තිබේ.
නිල් පැහැති කමිසයකින් සැරසී සිටින විජෙයි සායි බාබා ප්‍රතිමාව ඉදිරියේ දණගසා ආශිර්වාද ලබාගන්නා අයුරු එම වීඩියෝවෙන් දැකගත හැකිය. මැතිවරණය අවසන් වීමෙන් පසුව ඔහු මුලින්ම තිරුචෙන්දූර් මුරුගන් කෝවිල වෙත ගිය අතර ඊයේ දිනයේදී මෙලෙස ෂිර්ඩි සායි බාබා විහාරස්ථානය වෙත පැමිණ තිබේ. එහිදී ඔහුව දැකබලා ගැනීම සඳහා දහස් ගණනක රසික පිරිසක්ද රැස්ව සිටියහ.
ජෝසප් විජෙයි යන තම අනන්‍යතාවය විවෘතව පිළිගන්නා ඔහු, සක්‍රීය දේශපාලනයට පිවිසීමෙන් පසු සියලුම ආගමිකයින්ගේ සහයෝගය දිනාගැනීමේ අරමුණින් මෙවැනි “ආධ්‍යාත්මික දේශපාලන උපාය මාර්ගයක්” අනුගමනය කරන්නේද යන්න පිළිබඳව විචාරකයින් අවධානය යොමු කර ඇත. විජෙයිගේ මව විසින්ද චෙන්නායි නුවර විශාල සායි බාබා විහාරස්ථානයක් ඉදිකර තිබීම මෙහිදී විශේෂත්වයකි.
තමිල්නාඩු ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභා මැතිවරණයේ ඡන්ද විමසීම පසුගිය අප්‍රේල් 23 වනදා අවසන් වූ අතර එහි අවසන් ප්‍රතිඵලය මැයි 4 වනදා නිකුත් කිරීමට නියමිතව ඇත.














