තමිල්නාඩුවේ නව ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය බහුතර මන්ත්‍රී සංඛ්‍යාව සම්පූර්ණ කර ගැනීම සඳහා ‘තමිළග වෙට්ට්‍රි කසාගම්’ (TVK) පක්ෂ නායක, සුපිරි නළු විජේ මේ වන විට දැඩි දේශපාලන මෙහෙයුමක නිරතව සිටී.
තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ ආණ්ඩුවක් පිහිටුවීමට ආසන 118ක බහුතරයක් අවශ්‍ය වේ. විජේගේ පක්ෂයට සහය පළ කරමින් ආසන 5ක් දිනාගත් ඉන්දීය ජාතික කොංග්‍රස් පක්ෂය ද සමඟ මේ වන විට ඔහු සතු මන්ත්‍රී සංඛ්‍යාව 113කි. ඒ අනුව බහුතරය සඳහා ඔහුට තවත් මන්ත්‍රී ආසන 5ක අඩුවක් පවතී.
මෙම අඩුව පුරවා ගැනීම සඳහා හිටපු මහ ඇමති එම්.කේ. ස්ටාලින්ගේ නායකත්වයෙන් යුතු DMK සන්ධානයේ සිටින VCK සහ කොමියුනිස්ට් පක්ෂවල නියෝජිතයින් සමඟ විජේ මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මෙම පක්ෂවල සහය ලබා ගැනීමට හැකි වුවහොත් තමිල්නාඩුවේ පාලන බලය විජේ ප්‍රමුඛ සන්ධානයට හිමි වනු ඇත. දකුණු ඉන්දීය දේශපාලනය උඩුයටිකුරු කළ මෙම මැතිවරණ ප්‍රතිඵලයෙන් පසු ප්‍රාන්තයේ බලය පිහිටුවීම පිළිබඳව මේ වන විට දැඩි උනන්දුවක් නිර්මාණය වී තිබේ.














