• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වියපත් කලාකරුවන් මුහුණ දෙන අපහසුතාවලට පිළියම් යොදනවා – අගමැති

9 April 2024
in දේශීය, පුවත්
වියපත් කලාකරුවන් මුහුණ දෙන අපහසුතාවලට පිළියම් යොදනවා – අගමැති

වියපත් කලාකරුවන් මුහුණ දෙන අපහසුතාවලට පිළියම් යොදන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඊයේ (08) ටවර් හෝල් රඟහල පදනම මගින් ක්‍රියාත්මක කරනු ලබන වියපත් කලාකරුවන් සඳහා විශ්‍රාමික ජීවනාධාර ලබාදීමේ වැඩසටහන සඳහා අලුතින් ඉල්ලුම් කර ඇති කලාකරුවන් ඇතුළත් කර ගැනීමත්, ඔවුන්ට අලුත් අවුරුදු ත්‍යාග පිරිනැමීමත් නිමිත්තෙන් අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයට එක් වෙමිනි.

මාසිකව රු.7,500/- ක විශ්‍රාමික ජීවනාධාරයක් තෝරාගත් වියපත් කලාකරුවන් 102ට ලබාදීම සිදුකෙරුණි. එම දීමනාව රු.10,000/- දක්වා වැඩිකිරීමට ටවර් හෝල් රඟහල පදනමේ සභාපති, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ටවර් හෝල් රඟහල පදනමේ භාරකාර මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව මෙම මස සිට ටවර් හෝල් රඟහල පදනම මඟින් වියපත් කලාකරුවන් 122ට රු රු.10,000/- ක් බැගින් වූ විශ්‍රාමික ජිවනාධාරයක් ලබා දේ.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ෙ“ මෙරට සංස්කෘතියට, විවිධ කලා ක්ෂේත්‍රවලට පණ දුන් ඔබ යළි හමුවීම සතුටක්. ඔබ සමග ඔබගේ තරුණ විය පහු වී තිබෙනවා. ටවර් හෝල් පදනම ඔබට ගෞරවය දක්වනවා වගේම ඔබගේ ජීවිතයට පහසුවක් එක් කිරීමේ බලාපොරොත්තු ඇතුව ආරම්භ කරන ලද මෙම ක්‍රියාදාමය ඉදිරියේ තවත් වැඩි දියුණු කිරීමට හැකි වෙයි කියලා අපි විශ්වාස කරනවා. කලාකරුවන් මුහුණදෙන ආර්ථික අපහසුතාවන් පිළිබඳව සාකච්ඡා කළ භාරකාර මණ්ඩලය, එම අපහසුතාවයන් යම්තාක් දුරකට හෝ මඟ හරවා ගැනීමට විශ්‍රාමික ජීවනාධාරය වැඩි කිරීමට තීරණය කළා. ඒ පවතින ආර්ථික අර්බුද හමුවේයි. අපහසුතා ඇති තවත් කලාකරුවන් ඉදිරියේදී මෙම විශ්‍රාමික ජීවනාධාර වැඩසටහන සඳහා එක් කර ගැනීමට හැකි වෙයි. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ කලාව පණ පෙවූ අපේ රටේ කලාකරුවන් ඈත එපිට ගම්මානවල සිට අද ඇවිත් සිටිනවා. ඔවුන් වෙනුවෙන් අලුත් අවුරුදු උත්සවය සැමරීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් ත්‍යාග පිරිනැමීමට ටවර් හෝල් රඟහල පදනම වාර්ෂිකව කටයුතු කිරීම අගය කොට යුතුයි. ඔබ සැමට රජයේ ගෞරවය යළිත් පුද කරනවා යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට අමාත්‍ය විදුර වික්‍රමනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ, ටවර් හෝල් රඟහල පදනමේ භාරකාර මණ්ඩල සාමාජිකයින්, ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී. එම්. එස්. දිසානායක හා කලාකරුවන් රැසක් සහභාගි වූහ.

Post Views: 6,620
Previous Post

අපේ පක්ෂය තමයි තරුණයන්ට සහ කාන්තාවන්ට වැඩිපුර ඉඩකඩ දිලා තිබෙන්නේ – මන්ත්‍රී මහාචාර්ය රංජිත්

Next Post

ජනාධිපතිවරණය ඔක්. 14 පෙර පැවැත්විමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාව සතුයි – පැෆ්රල්

editor ttvnews

editor ttvnews

Next Post
ජනාධිපතිවරණය ඔක්. 14 පෙර පැවැත්විමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාව සතුයි – පැෆ්රල්

ජනාධිපතිවරණය ඔක්. 14 පෙර පැවැත්විමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාව සතුයි - පැෆ්රල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved