අද වැනි ශුභ දිනක සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව මහත් බැතියෙන් සමරනු ලබන අධි වෙසක් පුර පසළොස්වක පොහොය දිනය උදාවී තිබේ. ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ පරම පූජනීය දිනයක් වන මෙම පොහොය දිනය වෙනුවෙන් දිවයින පුරා සිල් සමාදන් වීම, දානශීලී පින්කම් සහ ආගමික වතාවත්වල නිරත වීම ඇතුළු විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත.
මෙම අති උතුම් පොහොය දිනය නිමිත්තෙන් සවනක් රැස් සජීවී පොහොය වැඩසටහන අද උදෑසන 6.00ට ඓතිහාසික කළුතර බෝධීන් වහන්සේ අභියසදී ආරම්භ කෙරිණි. ආගමික වාතාවරණයන් මධ්‍යයේ බැතිමතුන් අද දින පුරා විහාරස්ථාන වෙත පැමිණ පින්කම්වල නිරත වීමට කටයුතු යොදා තිබේ.














