ජනප්‍රිය ඉන්දියානු කලාකරුවෙකු සහ රූපවාහිනී නිවේදකයෙකු වන ආදිත්‍ය නාරායන් (Aditya Narayan), පසුගියදා කොළඹ දී පැවති සිය ප්‍රසංගයට සහභාගී වීමෙන් අනතුරුව නැවත කොළඹ සිට මුම්බායි බලා ශ්‍රීලංකන් ගුවන් යානයෙන් පිටත්ව ගොස් තිබේ. ගමන අතරතුර ඔහු ඉතා සුහදශීලීව ගුවන් යානයේ කාර්ය මණ්ඩලය සමඟ ඡායාරූපවලට ද පෙනී සිට ඇත.














