27 April 2024
#දේශීය

රජයේ දැන්වීම් රාජ්‍ය මාධ්‍ය ආයතනවල ප්‍රචාරණය අනිවාර්යයි

රාජ්‍ය මාධ්‍ය රජයේ අයවැයට බරක් නොවන වීම සඳහා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්කවැල්ල මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

ඒ අනුව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල දැන්වීම් හා ප්‍රචාරණ කටයුතු සඳහා රාජ්‍ය මාධ්‍ය ආයතන භාවිත කිරීම අනිවාර්යෙන් ප්‍රචාරණය කළ යුතු වේ.

ඒ අනුව එම ආයතනවල දැන්වීම් හා ප්‍රචාරක අයවැයෙන් 25% ක වටිනාකමින් යුත් ප්‍රචාරණ වැඩසටහන් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා ස්වාධින රූපවාහිනි මාධ්‍ය ජාලය සහ සිමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම යන ආයතන මගින් ප්‍රචාරණය කිරීම් සිදු කල යුතු බව කැබිනට් ප්‍රකාශක, කෙහෙලිය රඹුක්කවැල්ල මහතා අද (10) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *