27 April 2024
#දේශීය

පළාත් සභා අහෝසි කිරීමේ යෝජනාව සියුම් කුමන්ත්‍රණයක් බව කංචන කියයි

පළාත් සභා අහෝසි කළ යුතුයි යන යෝජනාව හා කථිකාව රජය අපහසුතාවයට පත් කිරීමට සැළසුම් සහගතව ඉදිරිපත් කරන ලද සියුම් දේශපාලන කුමන්ත්‍රණයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් සභා මන්ත්‍රි සංසදයේ සභාපති සභාපති කංචන ජයරත්න මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (09) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

පළාත් සභාව විසුරුවා හැර, මන්ත්‍රීවරුන්ගේ නිල කාලය අහෝසි කර වසර ගණනක් ගතවීගෙන යනකොට එකවරම පළාත් සභා අහෝසි කළ යුතුයි කියලා ගෙන ඇති යෝජනාව හා කථීකාව සැළසුම් සහගතව ඉදිරිපත් කරන ලද සියුම් දේශපාලන කුමන්ත්රිණයක් විදිහටයි මෙය දකින බවත් ඒ හරහා ආණ්ඩුව අපහසුතාවට පත්වෙනවා වගේම, ආණ්ඩුව රාජ්‍ය තාන්ත්‍රික වශයෙනුත් විශාල අර්බුදයට ලක්වන තැනක් හැටියටත් අප මෙය දකින බව හෙතෙම පැවසිය.

එසේම පළාත් සභා අහෝසි කරනවා නම් එය විධිමත් ක්‍රියා පටිපාටියක් ඔස්සේ සිදු කළ යුතු බවත් නමුත් හැකි ඉක්මණින් පැරණි ක්‍රමයට මෙම මැතිවරණය පැවැත්වීම සදහා රජය කඩිනමින් කටයුතු කළ යුතු බව ජයරත්න මහතා කියා සිටියේය.

මෙම අවස්ථාවට හම්බන්තොට දිස්ත්රිනක්කය නියෝජනය කරමින් දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්රී් කේ.පී සිංහ සමන් කුමාර මහතා, දකුණු පළාත් සභාව නියෝජනය කරමින් ගාල්ල දිස්ත්රි්ක්කයේ හිටපු පළාත් සභා මන්ත්රීං ආරියවංශ ශම්මු මහතා, බස්නාහිර පළාත් සභාව නියෝජනය කරමින් ගම්පහ දිස්ත්රිාක්කයේ හිටපු පළාත් සභා මන්ත්රීා ගුණසිරි ජයනාත් මහතා, දකුණු පළාත් සභාවේ ගාල්ල දිස්ත්රිාක්කයේ හිටපු පළාත් සභා මන්ත්රී් චම්ලි විදානාච්චි මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *