ඇෆ්ගනිස්ථාන වේගපන්දු යවන ක්‍රීඩක ෂාපූර් සද්‍රාන් වයස අවුරුදු 38 දී අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු ‘ඇප්ලාස්ටික් ඇනීකියා’ (aplastic anemia) නැමැති රුධිර රෝගය හේතුවෙන් ඉන්දියාවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගිය බව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනය (ACB) තහවුරු කර ඇත. සද්‍රාන් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර තලයට ගෙන ඒමේදී මූලිකත්වය ගත් ප්‍රධාන ක්‍රීඩකයෙකු වන අතර, ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනය විසින් ඔහුව හඳුන්වා ඇත්තේ ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩාවේ පදනම සැකසූ අයෙකු ලෙසයි. 2009 සිට 2020 දක්වා කාලය තුළ ඔහු ඇෆ්ගනිස්ථානය නියෝජනය කළ අතර, අවසන් වරට ජාත්‍යන්තර තරඟයකට සහභාගි වූයේ 2019 වසරේදීය. ඔහු එක්දින ජාත්‍යන්තර තරඟ 44කට සහභාගි වී කඩුලු 43ක් ද, විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ 36කට සහභාගි වී කඩුලු 37ක් ද දවා ගැනීමට සමත් විය.
















