පානදුර උතුර පොලිස් බල ප්‍රදේශයට අයත් ගල්කණුව පාරේ කුලී නිවසක තිබී තරුණියකගේ මළ සිරුරක් හමුවී ඇති බව පොලීසිය පවසයි. මියගොස් ඇත්තේ මාන්නමරක්කළගේ නඳුනි සහශ්‍රි කුරේ නම් 26 හැවිරිදි අවිවාහක තරුණියකි. ඇය පෞද්ගලික විශ්වවිද්‍යාලයක නීති උපාධිය හදාරමින් සිටි අයෙකු වන අතර, එම නිවසේ තනිව වාසය කරමින් සිය අධ්‍යාපන කටයුතු මෙන්ම අතිරේක වශයෙන් නීතිඥයෙකුගේ අධිකරණ කටයුතුවල නිරතව සිට ඇත. මෙම මරණය සියදිවි හානිකර ගැනීමක් ද නැතහොත් වෙනත් සිද්ධියක් ද යන්න පිළිබඳව පානදුර උතුර පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
















