27 April 2024
#දේශීය

වාර්තාවෙන් පසු ඒකාබද්ධය දැඩි දේශපාලන තීන්දුවක් ……! ගනි

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ ස්වාධීන වීම පිළිබඳ සොයා බැලීමට සඳහා පත් කරනු ලැබු විශේෂඥ කමිටුවේ වාර්තාව ලැබුණු පසු දේශපාලන තීරණයක් ගැනීමට සූදානම් බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමු‍ණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ සිටින සියළුම මන්ත්‍රීවරුන් මේ සඳහා එක්වන බවයි.

ඒකාබද්ධ විපක්ෂයට අවශ්‍ය වන්නේ විපක්ෂ නායක ධූරය නොව සිය මන්ත්‍රී කණ්ඩායම විපක්ෂය ලෙස පිලිගැනීම බවත් මන්ත්‍රීවරුන් 70ක් සිටින කණ්ඩායම විපක්ෂය ලෙස පිළිනොගන්නේ මන්දැයි තමාට ගැටලුවක් බවත් ඔහු ප්‍රශ්න කළේය.

ආණ්ඩු පෙරළියක් ඇති කිරීම ඒකාබද්ධයේ සැලසුම ව්‍යර්ථ වී ඇත්දැයි අප කළ ප්‍රශ්නයට පිළිතුරු දුන් මන්ත්‍රීවරයා පැවසූවේ මෙම පාර්ලිමේන්තුව තුලම ආණ්ඩු පෙරළියක් ඇති කිරීමට සූදානම් බවයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *