27 April 2024
#දේශීය

ජපානයේ වැඩි රැකියා අවස්ථා ලබාගැනීමට නව අවබෝධතා ගිවිසුමකට එකගත්වය

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සදහා වන නව රැකියා අවස්ථා ලබාගැනීම සදහා වන ගිවිසුමක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයත්, ජපානයේ Im Japan ආයතනයත් අතර අත්සන් කිරීමට කටයුතු කරන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

ජපානයේ Im Japan ආයතනයේ විධායක සභාපති KANAMORI HITOSHI මහතා ඇතුළු නියෝජිත පිරිස සමග අද (25) උදෑසන පැවති සාකච්ඡාවකදී වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීමට ඇති හැකියාව ගැන අමාත්‍යවරයා සිය අවධානය යොමු කළේය.

කොවිඩ් වසංගතයෙන් පසුව ජපානයට පිටත් කර යවන ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ලැබුණ අතර දැනට ජපන් භාෂා පුහුණුව ලබා සිටින තරුණ පිරිසට ඉක්මනින් ජපන් රැකියා අවස්ථා ලබාදීමේ වැදගත්කම අමාත්‍යවරයා විසින් පෙන්වා දුන්නේය.

ඒ සදහා Im Japan ආයතනයේ නියෝජිතයින්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණි. ජපානයේ රැකියා අවස්ථා සදහා පිටත්ව යන ශ්‍රමිකයින්ගේ රැකියා සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ද අදහස් හුවාමාරුවූ අතර Im Japan ආයතනය අදාල රැකියාවල සුරක්ෂිතතාවය තහවුරු කිරීමට ගෙන ඇති පියවර පිළිබදවද ජපන් නියෝජිත කණ්ඩායම අමාත්‍යවරයාගේ අවධානය යොමු කළේය.

තාක්ෂණික අංශයේ සහ සාත්තු සේවක අංශයේ රැකියා අවස්ථා සදහා ජපානයට පිටත් කර යවනු ලබන ශ්‍රමිකයින් නැවත මෙරටට පැමිණිමෙන් පසුව ව්‍යවසායකයින් ලෙස කටයුතු කිරීමේ වැදගත් කම අමාත්‍යවරයා විසින් පෙන්වා දෙනු ලැබූ අතර ඒ සදහා අවශ්‍ය සහාය ලබාදීමටද Im Japan ආයතනය එකගතාවය පළ කරනු ලැබුවේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *