27 April 2024
#සංවර්ධන

නීතිවිරෝධී ධීවර කර්මාන්තයේ යෙදීම නැවැත්වීමට විශේෂ යාන්ත්‍රණයක් – ඇමැති ඩග්ලස්

නීතිවිරෝධී ධීවර කර්මාන්තයේ යෙදීම නැවැත්වීමට නාවික හමුදාව හා එක්ව විශේෂ යාන්ත්‍රණයක් ආරම්භ කරන ලෙස අමාත්‍ය දේවානන්දා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (24) ධීවර අමාත්‍යාංශයේ දී පැවති නිලධාරීන්ගේ සාකච්ඡාවේදීය.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ශ්‍රී ලංකාව අවට සාගර කලාපයේ නීතිවිරෝධි ධීවර කර්මාන්තයේ යෙදෙන පිරිස් වැඩි වී ඇති බවද එම නිසා මෙම නිතී විරෝධි ධීවර ක්‍රියාවන් නැවැත්වීම සදහා නාවික හමුදාව හා එක්ව නව යාන්ත්‍රණයක් සැකසීමට කටයුතු කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.

මෙම සාකච්ඡාවේදී දැන් ධිවරයින්ට අවශ්‍ය භූමිතෙල් බෙදාහැරීම රටපුරා සිදුවන බවත් එය නිසියාකාරව ධීවරයින්ට ලැබෙනවාද යන්න පිළිබද සොයා බලා තමා වෙත කඩිනමින් වාර්තාවක් සපයන ලෙසද අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.
තවද මුහුදු කූඩැල්ලන් වගාව පිළිබදවද මෙහිදී සාකච්ඡා කරන ලද අතර ඉන්දියාව, චීනය වැනි රටවල අයෝජකයින් මේ සදහා ආයෝජනය කිරීමට ඉතාම උනන්දුවක් දක්වන බැවින් මෙම ආයෝජකයන්ට අවශ්‍ය පහසුකම් සපයා දීමට කටයුතු කරන ලෙසද උපදෙස් ලබා දුන්නේය.

තවද මුහුදු කූඩැල්ලන් අභිජනන මධ්‍යස්ථාන නවීන තාක්ෂණයෙන් යුතුව සකස් කල යුතු බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය. මෙම සාකච්ඡාව සදහා අමාත්‍යාංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත, ධීවර අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (තාක්ෂණ) ධම්මික රණතුංග මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *