• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සියලුම ගොවීන්ට පොහොර නොමිලයේ ලබා දීමට පියවර ගන්නා බව කෘෂි ඇමැති මහින්ද කියයි

6 August 2023
in සංවර්ධන

ලබන මහ කන්නයේ දී වී වගා කරන ලක්ෂ 12ක් පමණ වන සියලුම ගොවීන්ට කිසියම් හෝ රසායනික පොහොරක් නොමිලයේ ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කළේ ඊයේ (05) මාතලේ නාඋල පිළීහුඩුගොල්ල පුරාණ වැව රුපියල් 48,26,844ක මුදලින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව මහජන අයිතියට පත් කිරීම නිමිත්තෙන් පැවති උත්සවයේදිය.

දිවයිනේ කුඩා වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණය කර ගොවි තැනට අවශ්‍ය ජලය ලබා දීම සඳහා සකස් කිරීමට රජය විසින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 3000ක මුදලක් මෙම වසර සඳහා අනුමත කර ඇතැයි අමාත්‍යවරයා කියා සිටියේය.

ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ වැව් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රජය විසින් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 3000කි. දිවයින පුරා ඇති වැව් 200ක් මෙම වැඩ පිළිවෙළ යටතේ ප්‍රතිසංස්කරණය කිරීම මෙම වසර තුළ සිදු කෙරේ.

මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ එමෙන්ම තවත් එක් පොහොර විශේෂයක තවදුරටත් මිල අඩු කර ලබා දීමට පියවර ගන්නා බවත්, රජය පොහොර සැපයීමේ වැඩ පිළිවෙළින් ඉවත්ව ගොවි ජනතාවට තම අභිමතය පරිදි පොහොර මිල දී ගැනීම සඳහා අවශ්‍ය මුල්‍ය සහනාධාරය ගොවි ගිණුම්වලටම බැර කිරීමට පියවර ගන්නා බවත් ඒ අනුව ගොවීන්ට තමන් කැමැති පරිදි රසායනික පොහොර හෝ කාබනික පොහොර රාජ්‍ය අංශයෙන් හෝ පුද්ගලික අංශයෙන් මිල දී ගැනීමට හැකිවන බවත්ය.

රජය පොහොර මිල අඩු කිරීම නිසා පුද්ගලික අංශයට ද පොහොර මිල අඩු කිරීමට සිදු වු අතර එමෙන්ම මෙවර මහ කන්නයේ දී ගොවීන් විසින් බන්ඩි පොහොර භාවිතා කළේ අඩුවෙන් වන අතර රජය විසින් පොහොර මිල දී ගැනීම සඳහා ලබා දුන් මුදල්වලින් ගොවීන් බහුතරයක් මිල දී ගෙන තිබෙන්නේ යුරියා පොහොර පමණක් බව හෙතෙම පැවසිය.

යුරියා ගොයම් ගසේ වර්ධනයට හේතුවන නමුත් ගොයම් කරළ් සාරවත්වීමට නම් බන්ඩි පොහොර අනිවාර්යයෙන් යෙදිය යුතු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතා ඇතුලු නිලධාරින් ගොවින් පිරිසක් එක්වි සිටියහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 9
Previous Post

මාධ්‍යවේදී උපුල්ගේ “මකර දේශයේ සිට”කෘතිය එලිදකි

Next Post

නිසි ක්‍රමවේද අනුව පාසල් වාර විභාග වසරට ම එකයි – අධ්‍යාපන අමත්‍ය සුසිල්

editor

editor

Next Post

නිසි ක්‍රමවේද අනුව පාසල් වාර විභාග වසරට ම එකයි - අධ්‍යාපන අමත්‍ය සුසිල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved