ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 42 වැනි ජාතික මීලාදුන් නබි උත්සවය අගෝස්තු මස 26 වන දින පස්වරු 3.00 ට මීගමුව පෙරියමුල්ල අල්-හිලාල් විද්‍යාලයේදී පැවැත්වීමට නියමිත බව ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා ප්‍රකාශ කර තිබේ.
“සහජීවනය, සහෝදරත්වය සහ එකමුතුකම” යන තේමාව යටතේ ක්‍රියාත්මක වන මෙම උත්සවයට සමගාමීව ලේ දන්දීමේ කඳවුරක්, පැළ සිටුවීමේ වැඩසටහනක්, “Visit My Mosque” සංස්කෘතික වැඩසටහනක් සහ විශේෂ ප්‍රදර්ශනයක් ඇතුළු සමාජ සත්කාරක වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත. මීට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම් පල්ලි 12ක යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම, විශේෂ ග්‍රන්ථයක් එළිදැක්වීම සහ සමරු මුද්දරයක් නිකුත් කිරීමද මෙවර සිදුකිරීමට නියමිතය.














