ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් ශක්තිමත් වීම හේතුවෙන් මෙරට වාණිජ බැංකු වල අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 333.00 දක්වා පහළ ගොස් තිබේ.
මහජන බැංකුවේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 325.44 ක් ලෙසද, විකුණුම් මිල රුපියල් 333.51 ක් ලෙසද දැක්වේ. වාණිජ බැංකුවේ ගැනුම් මිල රුපියල් 323.35 ක් දක්වා පහළ ගොස් ඇති අතර, විකුණුම් මිල රුපියල් 333.25 කි. සම්පත් බැංකුවේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 325.50 ක් වන අතර, විකුණුම් මිල රුපියල් 333.50 කි.
එන්.ඩී.බී. බැංකුවේ ගැනුම් මිල රුපියල් 325.00 ක් සහ විකුණුම් මිල රුපියල් 334.00 ක් ලෙස සටහන් වන අතර, සෙලාන් බැංකුවේ ගැනුම් මිල රුපියල් 326.05 ක් සහ විකුණුම් මිල රුපියල් 335.30 ක් ලෙස පවතී.
















