සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ‘ලොකු පැටී’ නැමැත්තාගේ සහෝදරයා වන ‘පොඩි පැටී’ ඉලක්ක කරගනිමින් අහුංගල්ල ප්‍රදේශයේදී ඊයේ (16) රාත්‍රී වෙඩි තැබීමක් සිදුව තිබේ. රාත්‍රී 11.30ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව පොලිසිය සඳහන් කරන අතර එම අවස්ථාවේදී ඔහු ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිට ඇත. රාත්‍රී උත්සවයකට සහභාගී වී යළි නිවස බලා එමින් සිටියදී නාඳුනන පිරිසක් විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබේ.
වාසනාවකට මෙන් මෙම වෙඩි ප්‍රහාරයෙන් ‘පොඩි පැටී’ නැමැත්තාට කිසිදු ශාරීරික හානියක් සිදුව නොමැති බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලිසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර වෙඩි තැබීම සිදුකළ පුද්ගලයන් සහ ඊට හේතුව අනාවරණය කර ගැනීමට කටයුතු කරමින් සිටියි. පාතාල කල්ලි අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙය සිදුවූයේද යන්න පිළිබඳවද පොලිසියේ අවධානය යොමු වී තිබේ.














