දුරගමන් සේවා පුද්ගලික බස් රථවල මගීන්ගේ මෙන්ම රියදුරන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් කෘතිම බුද්ධි (AI) තාක්ෂණය හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සහ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සම්බන්ධීකරණයෙන් සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ මෙහෙයවීමෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකය.
මෙහි පළමු අදියර යටතේ කොළඹ බැස්ටියන් මාවත බස් නැවතුම්පොළේදී දුරගමන් පුද්ගලික බස් රථ 10ක් සඳහා මෙම AI තාක්ෂණික මෙවලම් සවිකිරීමේ කටයුතු අද (5) සිදුකෙරුණු අතර, එහි සාර්ථකත්වය මත එය දිවයින පුරා ව්‍යාප්ත කිරීමට නියමිතය. ධාවනය අතරතුර රියදුරුට නිදිමත ගතියක් දැනීම, දුරකථන භාවිතය හෝ ආසන පටි නොපැළඳීම වැනි අනාරක්ෂිත තත්ත්වයන් හඳුනාගත් විගස ‘Voice Message’ හරහා වහාම අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට මෙම පද්ධතිය සමත් වේ.














