ඩිජිටල්කරණය වෙත මාරුවීමේ ප්රයත්නයේ දී AIA ඉන්ෂුවරන්ස් විසින් ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්රය වෙත ප්‍රථම වරට, ව්‍යවසාය ශ්‍රේණියේ විසදුමක් වන cloud පදනම් කරගත් කාර්ය ප්‍රවාහ ස්වයංක්‍රීයකරණය නොබෝදා හදුන්වා දෙන ලදී.
AIA හී වඩාත් වැදගත් කාර්ය ප්රවාහයන් ස්වයංක්‍රීයකරණය කිරීම තහවුරු කිරීම සඳහා Microsoft Azure Logic App තෝරාගෙන ඇත.
AIA හී මෙහෙයුම් අංශයේ මෙන්ම සමාගම පුරාවට ඇති විවිධ අංශයන් වෙත මෙම ස්වයංක්‍රීයකරණ වැඩසටහන දියත් කෙරෙමින් පවතින අතර මේ ඔස්සේ සමාගම වෙත ලැබෙන නව ව්‍යාපාර වල රක්ෂණ ඔප්පු සැකසීමේ සිට සාමාන්‍යයෙන් සාම්ප්‍රදායිකව කාර්ය මණ්ඩල සාමාජිකයෙකුගේ අතින් සිදුකරන ලද පාරිභෝගික සේවා ක්‍රියාවලීන් බොහොමයක් ඉදිරියේදී ඩිජිටල්කරණ තාක්ෂණය ඔස්සේ සිදුකිරීමට කටයුතු සැකසේ.
පිටපත – AIA ඉන්ෂුවරන්ස්