27 April 2024
#විදෙස්

අතරමං වූ සූවස් බහාලුම් නෞකාව නිදහස්

දින 07 ක කාලයක් සූවස් ඇළ මාර්ගයේ සිරවී තිබූ MV EVER GIVEN නම් දැවැන්ත බහාලුම් ප්‍රවාහන නෞකාව මුදා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම නෞකාව දිගින් අඩි 1,312ක් වන අතර පළල අඩි 175ක් වේ.

මුදා ගැනීමේ කණ්ඩායම් ප්‍රකාශ ඇත්තේ තවත් පැයක පමණ කාලයකින් පසු නෞකාව නියමිත ගමන් මාර්ගයට යොමු කර ගත හැකි වනු ඇති බවයි.

හදිසි අවස්ථා ගලවා ගැනීමේ ටග් යාත්‍රා 12ක් සහ වැලි ඉවත් කිරීමට යොදාගත් යන්ත්‍රෝපකරණ 08ක් එක්ව පුරා පැය 156ක් සිදුකළ මෙම මෙහෙයුමේ සාර්ථක ප්‍රතිඵල නෙලාගන්නට මෙහෙයුම් කණ්ඩායමට අද අලුයම හැකි වු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ, ලොව කාර්ය බහුලතම නෞකා ගමන් මාර්ගයක් වන සූවස් ඇළ හරහා මෙම අවහිරතාවය සිදු වීම නිසා ඇළ දෙපස වෙනත් නැව් 200 කට අධික ප්‍රමාණයක විශාල තදබදයක් ඇති වී තිබූ බවයි.
ඊජිප්තුව හරහා දිවෙන සූවස් ඇළ ලොව වඩාත් කාර්යබහුල වෙළඳ මාර්ගවලින් එකකි.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *