දිවයින පුරා පවතින සක්‍රිය නිරිතදිග මෝසම් කාලගුණික තත්ත්වය හේතුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ (BIA) වෙත ගොඩබෑමට නියමිතව තිබූ ගුවන් යානා කිහිපයක් හදිසියේම මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ (MRIA) වෙත හරවා යැවීමට පියවර ගෙන තිබේ.
කටුනායක ගුවන්තොටුපොළ අවට ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාපතනය, තද සුළං සහ අහස වලාකුළින් බරවී පැවතීම හේතුවෙන් ධාවන පථය දෘශ්‍යමාන වීමේ අපහසුතා (Low Visibility) මතු වී ඇත. මේ හේතුවෙන් මගීන්ගේ ආරක්ෂාව සලකා, කටුනායක වෙත ළඟා වූ ජාත්‍යන්තර ගුවන් යානා 6කට ආසන්න සංඛ්‍යාවක් මෙලෙස මත්තල ගුවන්තොටුපොළ වෙත සුදුසු පරිදි ගොඩබෑම සඳහා යොමු කර ඇති බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. කාලගුණික තත්ත්වය යහපත් වූ සැනින් එම යානා නැවත කටුනායක බලා පියාසර කිරීමට නියමිතය.















