• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගුවන් යානා සංදර්ශනය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

4 March 2021
in දේශීය

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 70ක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කළ ගුවන් යානා සංදර්ශනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පස්වරුවේ කොළඹ ගාලු මුවදොර පිටියේ දී ආරම්භ කෙරිණ.

ගුවන් සංදර්ශනයට ඉන්දියානු ගුවන් හමුදාවට අයත් සාරංග්, සූර්යකිරන් සහ තේජාස් ගුවන් කණ්ඩායම් හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා එක් කර තිබේ. මාර්තු 04 සහ 05 යන දිනවල ප.ව 5.00 සිට 6.00 දක්වා සංදර්ශනය පැවැත්වේ.

ඉන්දීය ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් හා හෝක් (HAWK) ජෙට් යානා 14ක් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් සෙස්නා 150, වයි-12, බී-200, එම්ඒ-60 සහ එෆ්-7 ප්‍රහාරක ජෙට් යානා ඇතුළු ගුවන් යානා 24කින් සංදර්ශනය වර්ණවත් විය.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්වරු, ආරක්ෂක ලේකම් ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, ඉන්දීය සහ බංග්ලාදේශ ගුවන් හමුදා ප්‍රධානීහු ඇතුළු පිරිසක් සංදර්ශනය නැරඹීමට එක්ව සිටියහ.

 

 

Post Views: 4
Previous Post

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත නව මුහුණු ආවරණයක් අගමැතිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී එළිදැක්වයි

Next Post

ග්‍රාමීය ජන ජීවිතය සමඟ තදින් බැඳුණු සාම්ප්‍රදායික කර්මාන්ත ආරක්ෂා කිරීම ද අත්‍යවශ්‍යයි – අමාත්‍ය විමල් වීරවංශ

editor

editor

Next Post

ග්‍රාමීය ජන ජීවිතය සමඟ තදින් බැඳුණු සාම්ප්‍රදායික කර්මාන්ත ආරක්ෂා කිරීම ද අත්‍යවශ්‍යයි - අමාත්‍ය විමල් වීරවංශ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved