27 April 2024
#දේශීය

මාතලේ කැලෑගිනි තැබු පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

අධික නියං තත්වය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 300 පමණ කැලෑගිනි තැබිම් සිදු කොට ඇති බවත් ගිනි තැබිම් කළ පුද්ගලයින් රැසක් මේ වන විටත් අත් අඩංගුවට ගෙන ඇති බව මාතලේ දිසා වන නිලධාරි අශෝක හේරත් මහතා පවසයි. 

මාතලේ මහ දිසාපති තේජානි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමි‍ටුවට එක්වෙමින් දිසා වන නිලධාරිවරයා මෙසේ පැවසිය.

වැඩිදුරටත් අදහස් දැක්වු හේරත් මහතා කියා සිටියේ දඩයම් කිරීම, අලි කරදරවලින් බේරීම, වැසි සමයේ සතුන්ගේ ආහාර අවශ්‍යතාවය සපුරාගැනීම ඇතුළ කරුණු කීපයක් හේතුවෙන් කැලෑ ගිනිතැබීම සිදු කරන බවත් අශෝක හේරත් මහතා පෙන්වා දුන්නේය.

දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) නිශාන්ත කරුණාතිලක, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) රිස්මිනා රියාල්ඩීන් ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස් බී.එම්.සී.එච්. කුමාරිහාමි මහත්මිය ඇතුළු නිලධාරින් රැසක් සහභාගි වුහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *