2026.07.29 දින රාත්‍රී මොරොන්තුඩුව පොලිස් බලප්‍රදේශයට අයත් මාලිගා තොටුපළ ප්‍රදේශයේදී මොරොන්තුඩුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර, නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ලද ගෝඩා ලීටර් 1850ක් (බැරල් 10) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත්ව ඇත්තේ 40 හැවිරිදි වියේ පසුවන වාද්දූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොරොන්තුඩුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.














